IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නිකොලස් මදුරෝගෙන් ට්‍රම්ප්ට පණිවුඩයක්


 
කැරකස්හිදීය (ඒ.එෆ්.පී)
 
රටවල් දෙක අතර සාකච්ඡාවක් පවත්වන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කරමින් වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ ට්ව්ටිර් පණිවිඩයක් යොමු කර තිබේ.
 
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ප්‍රියතම මාධ්‍යයක් වන ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියට පිවිස ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුමද ඈඳා ගනිමින් තම ගිණුමේ පණිවිඩයක් තබමින් වෙනිසියුලා ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළේය. 
 
“අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන බවට ඇමෙරිකා ජනාධිපතිවරයා පොරොන්දු වුණා. දැන් එම පොරොන්දුව ඉටු කරන්න කාලය ඇවිත්” යනුවෙන් වෙනිසියුලා ජානධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් ව ඇත. 
 
වෙනිසියුලා ජනාධිපතිවරයා වොෂින්ටන්යේදී හෝකැරකස්හිදි හෝ දෙරට අතර සාකච්ඡාවක් පවත්වන්නැයි ද තවදුරටත් ඉල්ලා තිබේ. 
 
අසල්වැසි කොලොම්බියාවේ සිට වෙනිසියුලාව ආක්‍රමණය කිරීමට ඇමෙරිකාව සැලසුම් කළ බවට මදුරෝ ජනාධිපතිවරයා, වෙනිසියුලා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිස් චෝදනා කළහ. කෙසේ නමුත් කොලොම්බියාව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. 
 
වෙනිසියුලාවේ තෙල් අපනයනවලට සම්බාධක පැනවිය යුතු යැයි ලතින් ඇමෙරිකානු කලාපයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පැවසීය. 
 
කොලොම්බියාවේද සංචාරය කළ ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා එහිදි එරට ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස් ද මුණ ගැසුණි. 
 
වෙනිසියුලාවේ ආදායම් මාර්ගවලින් සියයට 96කට හිමිකම් කියන්නේ තෙල් අපනයනයි.  
 
 
055



අදහස් (1)

නිකොලස් මදුරෝගෙන් ට්‍රම්ප්ට පණිවුඩයක්

කුමාර් (ගල්ෆ්) Tuesday, 20 February 2018 07:18 PM

ජාත්‍යන්තර වේදිකාවේ හොඳම අම්බරුවන් තප්පුලා ඇති බැව් පෙනේ....

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 739 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site