IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


දොස්තර අමුතු වැඩක් කරලා

ඕස්ට්‍රේලියාවේ ආධුනික ශල්‍ය වෛද්‍යවරයෙකු මිනිසෙකුගේ වම් වෘෂණ කෝෂය අනවසරයෙන් ඉවත් කිරීමට වැරදිකරු වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇලියන් මැතිව්ස් (56) නම් එම වෛද්‍යවරයා අධිකරණයේදී   වරද පිළිගෙන ඇති අතර රෝගියාගේ කැමැත්ත හෝ අවසරයකින් තොරව එම පටක ඉවත් කල බව ඔහු පිළිගෙන තිබේ.

එම ශල්‍යකර්මයෙන් පසු අසාදනය වූ රෝගියාගේ(52) වෘෂණ කෝෂයේ තුවාල හේතුවෙන් ඔහු රෝහල්ගත වී ඇති අතර ඉන් අනතුරුව මේ බව පොලිසිය දැනගත් බව බලධාරීහු පවසති.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹු පොලිසිය මැතිව්ස්ගේ නිවස වැටලීමෙන් අනතුරුව ශල්‍ය උපකරණ කිහිපයක් සහ ඇමිල් නයිට්‍රේට් යැයි සැක කෙරෙන බෝතල් කිහිපයක් ද සොයා ගත්තේය. එම ශල්‍යකර්මයෙන් පසු පිඩාවට පත්  රෝගියා වෛද්‍ය උපදෙස් පතා අන්තර්ජාලයේ දැන්වීමක්ද පල කර තිබිණි.

  එවන් ශල්‍යකර්මයක් කිරීමට තරම් වෘත්තිමය සුදුසුකමක් ඔහුට නොමැති බව හා ඒ සදහා ලියාපදිංචි වී හෝ අවසරයක් ඔහුට තිබී නැතැයි පොලිසිය පවසයි. 



අදහස් (0)

දොස්තර අමුතු වැඩක් කරලා

ගාමිණී Friday, 15 July 2016 07:29 AM

අපේ දොස්තර මහතුන්ට වැඩ වර්ජනයකට හොඳ අවස්ථාවක්. (ර)

:       0       0

චන්න බුවනක Friday, 15 July 2016 06:09 PM

අපේ බදු සල්ලි වලින් ඉගෙනගෙන ලක්ෂ දහයේ විස්සේ මාසික පඩියට ඕස්ට්‍රේලියාවේ වැඩ කරන අපේ දොස්තර මහත්තයෙකුට මේක වුණා නම් මම මේ ගැන වැඩිය හිතන්න යන්නේ නැහැ (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 15 July 2016 07:23 PM

ලංකාවෙන් ගිය කෙනෙක්දෝ කියල හිතෙනවා. මෙහෙ අය ලොකු ලොකු අයගේ උවමනා වලට ඔය වගේ වැඩ කරනවනේ (නි)

:       0       0

කමල් Friday, 15 July 2016 10:08 AM

කොහොමද මේක අනවසරෙන් කෙරුවේ? (ර)

:       0       0

විජේ Sunday, 17 July 2016 03:41 AM

ලංකාවේ දොස්තර කෙනෙක් නම් ලෙඩාගෙන් අහයි මමද දොස්තර නැත්නම් තමුසේද දොස්තර කියලා? ඉතින් කට වහගෙන තමා ඉන්න වෙන්නේ සල්ලිත් දීලා (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Friday, 15 July 2016 02:28 AM

දැන් මෙයා මුළු ජිවිත කාලයටම දොස්තර රැකියාව කරලා හමාරයි. ලංකාවේදී නම් මුලින් ස්ථාන මාරුවක්. ඊටපස්සේ නැවත සුපුරුදු පරිදි වැඩ. බැරිවෙලාවත් අහම්බෙන් මෙන් නීතිය හරියටම ක්‍රියාත්මක වුණොත්, ඊට විරුද්ධව වැඩ වර්ජනයක් (නි)

:       0       0

අශාන් Friday, 15 July 2016 12:25 PM

අනේ හැබෑට බලන්නකෝ ඒකෙත් හැටි (නි)

:       0       0

අමාලි Saturday, 16 July 2016 05:43 AM

මේක හිතාමතාම කරපු දෙයක්ද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 597 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2302 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site