ඉන්දියාවේ දිල්ලි අගනුවර දීවාලී උත්සව පැවැත්වෙන සමයේදී ගිනිකෙළි භාවිතය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහනම් කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
දීවාලි උත්සවය ඔක්තෝබර් 18 වැනි දා පැවැත්වීමට නියමිත අතර මේ අනුව නගරයේ ගිනිකෙළි විකිණිම, බෙදාහැරීම සහ දැල්වීම නොවැම්බර් පළමු වැනිදා තෙක් සම්පූර්ණයෙන් තහනම් වේ.
උත්සව සමයේ දිල්ලි නගරයේ වැඩිවන වායු දූෂණය අඩු වේදැයි පරීක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
දිල්ලි නගරය ලෝකයේ වායු දූෂණය ඉහළම නගර අතරට එක්වී ඇති බව පසුගිය කාලයේ වාර්තා විය. පසුගිය වසරේ දීවාලි උත්සවයෙන් පසුව නගරයේ වායු දූෂණය ඉහළ ගිය අතර ශ්වසන අපහසුතා ඇතිවීම හේතුවෙන් නගරයේ පාසැල් දින තුනක් වසා තැබිණි.
( ද ගාඩියන් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
717
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දීවාලී සමයේ දිල්ලියේ ගිනිකෙළි තහනම්