IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දෙවැනි දිනටත් ඉන්දියාවේ දිනක කොරෝනා ආසාදිතයන්ගේ ගණන 11,000 ඉක්මවයි

ඉන්දියාවෙන් අඛණ්ඩව දෙවැනි දිනටත් දිනක් ඇතුළත නව කොරෝනා ආසාදිතයන් 11,929ක් අද (14) වාර්තා විය.

එම ආසාදිතයන් 11,929දෙනා ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන ද විය.
ඉන්දියාවෙන් සෙනසුරාදා පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ආසාදිතයෝ 11,458 දෙනෙක් වාර්තා වූහ.

 මේ අනුව ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 3,20,922ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ 1,49,348ක් වන අතර සුවය ලැබූ පිරිසගේ ගණන 1,62,379කි.

ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 311ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 9,195කි.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් අද වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,04,568ක් විය. තමිල්නාඩුවෙන් ආසාදිතයන් 42,687ක් ද දිල්ලියෙන් ආසාදිතයන් 38,958ක් ගුජරාට් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 23,038ක් ද මේ වනවිට වාර්තා වී ඇත.

(එන්.ඩී.ටීවී. )

055
 



අදහස් (1)

දෙවැනි දිනටත් ඉන්දියාවේ දිනක කොරෝනා ආසාදිතයන්ගේ ගණන 11,000 ඉක්මවයි

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 14 June 2020 12:46 PM

ගරු ජනපතිතුමනි, ඉන්දියාවේ සිට මත්ද්‍රව්‍ය ගෙනෙන්නන් මුහුදු මාර්ගයෙන් ඒවා රට තුළට ගෙනඒමේදී, ඒවාත් සමග කොරෝනා වයිරසයද ගෙන ආ හැකි බැවින් ඒ සියල්ලට මං අහුරන්න... රට ජාතිය ඔබතුමා අතේ... !!!

:       1       148

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 734 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site