IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දැරිය දූෂණයට එරෙහි විරෝධතාවයෙන් දෙදෙනකු මියයති

පකිස්ථානයේ කසූර් දිස්ත්‍රික්කයේ අවුරුදු හතක දැරියක් දූෂණය කර ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීමට විරෝධය පලකරමින් පොලිසියට එරෙහිව  සිදුකල විරෝධතා වලදී දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 
 
විරෝධතාකරුවන්  පොලිසියට ගල් ප්‍රහාර එල්ල කල බව ද ඔවුන් පාලනය කිරීමට අහසට වෙඩි තැබූ බවද පොලිසිය පවසයි.
 
සයිනැබ් අන්සාරී නම් මෙම දැරියගේ දේහය ඇය අතුරුදන් වි දින හතරකට පසුව කසූර් නගරයේ කසලගොඩක තිබී පොලිසිය සොයා ගන්නා ලදී.

කසූර් දිස්ත්‍රික්කයේ පසුගිය අවුරුද්දක කාලයක් ඇතුලත පැහැරගෙන ගොස් දූෂණය කර මරාදැමුනු දොළොස්වැනි දැරිය සයිනැබ් බව පොලිසිය පවසයි.
 
තරුණයෙකු දැරිය රැගෙන යන සීසීටීවී දර්ශන ලැබී ඇති බවත් සැකකරු ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත්  පොලිසිය තවදුරටත් පවසා ඇත.සයිනැබ්ගේ සිද්ධිය මේ වනවිට  සමාජ මාධ්‍ය හරහා ලොවපුරා විවේචනය වෙමින් පවතින බව මාධ්‍ය වාර්තා කරයි.
 
(රොයිටර් ඇසුරිණි - 085)



අදහස් (0)

දැරිය දූෂණයට එරෙහි විරෝධතාවයෙන් දෙදෙනකු මියයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site