(සිරංගිකා ලොකුකරවිට )
මෙම සියවසේ දීර්ඝම චන්ද්‍රග්‍රහණය ජූලි මස 27වන දින දර්ශනය වන බව නාසා ආයතනය පවසයි.
ලෝහිත චන්ද්‍රග්‍රහණය ලෙස නම් කර ඇති මෙය ඉදිරි වසර 82 තුළ දක්නට ලැබෙන වඩාත්ම දීප්තිමත් පූර්ණ චන්ද්‍රග්‍රහණය වේ.
චන්ද්‍රග්‍රහණයට පැයකුත් විනාඩි 45ක කාලයක් ගතවන බැවින් මෙය සුවිශේෂී අවස්ථාවක් බව විද්‍යාඥයෝ පවසති. මෙම කාලය තුල පෘථිවියේ සෙවනැල්ලෙන් වැසී යන චන්ද්‍රයා රතු පාටින් දිස්වන බැවින් බ්ලඩ් මූන් හෙවත් ලෝහිත සඳ ලෙස හඳුන්වයි. ජූලි 27 වනදා පස්වරුවේ ආරම්භ වන චන්ද්‍රග්‍රහණය අවසන් වන්නේ 28 වනදා අලුයම් කාලයේය.
බටහිර අප්‍රිකාව, නැගෙනහිර ආසියාව හා දකුණු ඇමරිකාවට චන්ද්‍රග්‍රහණය හොඳින් දර්ශනය වේ.
මෙම චන්ද්‍රග්‍රහණය උතුරු ඇමරිකාවට හා ඇමරිකානු එක්සත්ජනපදයට දර්ශනය නොවනු ඇති බව පැවසේ.
(විදෙස් පුවත් ඇසුරිණි)
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ජුලි 27 දා
edward Friday, 29 June 2018 10:28 PM
මෙම ප්‍රවෘත්තිය සාස්තර කාරයින්ට බොරු කීමට අපහසුතාවක් වනු ඇත.
සෙනෙවි Sunday, 01 July 2018 01:12 PM
මේ පච ජෝතිෂ කාරයෙන්ට චන්ද්‍රග්‍රහණය ගැන කිසිදු අනාවැකියක් පළකළ නොහැක. නාසා අායතන ප්‍රකාශයට පත්කළ පසු මෙම බඩගෝස්තරවාද කල්ලිය මිනිසුන් බයකර බඩ වඩා ගනී. ලංකාවේ බත්කන හරක් මෙම අවද්‍යාවේම ගැලී සිටී. තම දරුවන්ද මෙම මගම අැදගෙන යති.