දකුණු සුඩානයේ රජයේ හමුදා දිගින් දිගටම එල්ල කරන පීඩා නිසා එරට එක් ලක්ෂ විසි දහසක් පමණ අවතැන් වී ඇතැයි ද, ඉන් විසි දහසක් පමණ එක්සත් ජාතීන්ගේ කඳවුරුවල ජීවත් වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හමුදාව එරට වැසියන් ඝාතනය කරමින් ඔවුන්ගේ දේපොල සොරා කෑම එන්න එන්නම වැඩි වී තිබේ.
මෑත කාලයේදී වූ(wau) නගරයේ එවන් ක්‍රියා රාශියක් සිදු විය. එම නගරයේ ජිවත් වූ මරියානා නම් කාන්තාවගේ අත්දැකීමකට අනුව රජයේ හමුදා ඇගේ නිවසට පැමිණ දියණියන්ට පහර දී ඔවුන්ගේ ජංගම දුරකථන සහ මුදල් සොරාගෙන තිබේ. එමෙන්ම ඇගේ මුණුබුරන් සැගවී සිටි කුටියට කඩාපැන වෙඩි තබා වයස අවුරුදු 03ක් වූ ඩැනියෙල් නම් ඇගේ මුණුබුරා මරා දමා තිබේ.
මේ නිසා නගරයේ වැඩි දෙනෙක් මරණ බියෙන් පළා ගොස් ඇත. සමහරු ආරක්ෂාව පතා ඒ ප්‍රදේශයේ ඇති එක්සත් ජාතීන්ගේ කදවුර වෙත දිව ගියහ. පමා වූ අය හමුදාවට හසු වී වෙඩි කෑ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට ජනාධිපති සල්වා කිර් ගේ ගෝත්‍රය වන ඩින්කා ගෝත්‍රයට අයත් හමුදා නිලධාරීන් එම නගරයට විත් වෙනත් ගෝත්‍ර වල මිනිසුන් සොයා මරා දමන බව කියති.
2025 නොවැම්බර් මස 04
597
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2293
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණු සුඩාන හමුදා පීඩනය වැඩිවේ
ඩිලාන් Thursday, 07 July 2016 10:34 PM
මගේ රටෙත් මෙහෙම අඳුරු යුගයක් තිබුනා කියා බොහෝ දෙනෙකුට අමතක හැටි? (නි)
ඇන්ජලෝ Thursday, 07 July 2016 10:34 PM
රටක් බෙදා වෙන්කර දුන්නත් තවම නිදහසක් නැහැ. (නි)