IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


දකුණු කොරියා මාධ්‍යවේදීන්ට උතුරු කොරියාවට යන්න අවසර

සෝල්හිදීය (රොයිටර්)
 
තම වාර්තාකරුවන්ට උතුරු කොරියාවට ගමන් කිරීමට අවසර ලැබුණු බව දකුණු කොරියාව අද (23) නිවේදනය කළේය.

 
න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ පරීක්ෂණ කරන වැඩ බිම් වසා දැමීම වාර්තා කිරීම සඳහා තම රටට පැමිණෙන්නැයි උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් මැයි මස ආරම්භයේදී ජාත්‍යන්තරයට විවෘත ආරාධනයක් කළේය.
 
එහෙත් පසුගියදා දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ අන්තර් කොරියා සාකච්ඡා අවලංගු වීමත් සමඟ දකුණු කොරියානු මාධ්‍යවේදීන්ට එරටට පැමිණීමට ඉඩ නොදෙන බව උතුරු කොරියාව නිවේදනය කළේය. 
 
කෙසේ නමුත් නැවතත් දකුණු කොරියානු මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවසර දීමට උතුරු කොරියාව කටයුතු කළේය. 
 
උතුරු කොරියාවට යැවූ වාර්තාකරුවන්ගේ ලැයිස්තුව අනුමත කළ බව එම අවසරය නිවේදනය කරමින් දකුණු කොරියාවේ උතුරු කොරියාව සමඟ සබඳතා සම්බන්ධයෙන් කටයුතු කරන ‘ඒකබද්ධතා’ අමාත්‍යාංශය සඳහන් කළේය. 
 
055



අදහස් (0)

දකුණු කොරියා මාධ්‍යවේදීන්ට උතුරු කොරියාවට යන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 746 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2401 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site