IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවේ ගින්නක්

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර පිහිටි එරට පාර්ලිමේන්තු සංකීර්ණයේ ගින්නක් හටගත්තේය.

ගින්නෙන් පාර්ලිමේන්තු සංකීර්ණයට අයත් ගොඩනැගිල්ලට සැලකිය යුතු හානියක් සිදුවුවත්, කාටවත් අනතුරක් සිදු නොවිණි.

ගින්න හටගත්තේ පාර්ලිමේන්තුව සංකීර්ණයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ තෙවැනි මහලේ යැයි පැවැසෙයි. ඉන්පසු ගින්න ජාතික සභා ගොඩනැගිල්ල තෙක් පැතිර ගොස් තිබේ.

ගින්නෙන් නැගුණු දුමාරය සැතපුම් කීපයක් දුරට දකින්න ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත.
ගින්න නිවා දැමීමට, කේප්ටවුන් නුවර ගිනි නිවන භට කණ්ඩායම් කිහිපයක් යෙදවිණි.

පැය කීපයක් ගින්න සමඟ සටන් කිරිමෙන් අනතුරුව ඒය පාලනය කර ගැනීමටත් පසුව නිවා දැමීමටත් ගිනි නිවන භටයෝ සමත් වූහ. ගොඩනැගිල්ලේ ගින්න දැක ඒ බව ගිනි නිවන භටයන්ට දැනුම් දී ඇත්තේ ආරක්ෂක අංශ නිලධාරීන් යැයි ද පැවැසෙයි.

ගින්නට හේතුව මෙතෙක් අනාරණය වී නොමැති බවත්, ඒ් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන  පැවැත් වෙන බවත් වාර්තා වේ. දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලි සංකීර්ණය ගොඩනැගිලි තුනකින් සමන්විත අතර, එහි ප්‍රධාන ගොඩනැගිල්ල ඉදි කර ඇත්තේ 1884 වසරේය.

ස්වර්ගස්ථ වූ දකුණු අප්‍රිකා අගරදගුරු ඩෙස්මන් ටුටූගේ අවමංගල්‍ය කටයුතු පැවැත්වීම සිදුවූයේ පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණයට නුදුරින් පිහිටි දෙව් මැදුරකය. ගින්න හටගෙන ඇත්තේ අවමංගල කටයුතු අවසන් වී පැය කීපයකින් පසුවය.

දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහිව සටන් වැදුණු නායකයකු ලෙස ලෝකයේ ගෞරවාදරයට පාත්‍ර වූ හිටපු අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූගේ අවමංගල්‍ය කටයුතු සිදුවූයේ කේප්ටවුන් නුවර ශාන්ත ජෝර්ජ් ආසන දෙව්මැදුරේදී ය.

ස්වර්ගස්ථ වූ ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරුතුමන් වර්ගවාදී අසාධාරණකම්වලට එරෙහිව වසර ගණනාවක් තිස්සේ දේශනා පැවැත්වූ දේවස්ථානය ලෙස සැලකෙන්නේ මෙම දෙව්මැදුර බව ප්‍රකටය.

අවමංගල්‍ය උත්සවයේදී ජනාධිපති සිරිල් රමෆෝසා නොබලේ සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ ඩෙස්මන්ඩ් ටුටූ පිළිබඳ අභිනන්දන දේශනයක් ද පැවැත්වීය.

වර්ණභේදවාදයේ අඳුරු යුගයේ සිට 21 වන සියවසින් ඔබ්බට දකුණු අප්‍රිකාව මෙහෙයවීම සඳහා පුරෝගාමී වූ නායකයකු වන ඩෙස්මන්ඩ් ටුටූ ස්වර්ගස්ථවන විට වයස අවුරුදු 90 කි.  

සුදු වර්ණභේදවාදී පාලනයට එරෙහිව ක්‍රියාත්මක කළ අහිංසාවාදී සටන වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය ඔහුට පිරිනැමීම සිදුවූයේ 1984 වසරේදීය.

(අල් ජසීරා)



අදහස් (2)

දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවේ ගින්නක්

fairoos Sunday, 02 January 2022 07:48 PM

එක පාරටම බලපු ගමන් හිතුවේ අපේ පාර්ලිමේන්තුව කියලා...

:       1       1

amarasiriMonday, 03 January 2022 04:39 AM

මමත් හිතුවේ එහෙමමයි.. පුදුම සතුටක් ඇතිවුනේ.. නමුත් රටේ මිනිස්සුන්ගේ දෙස් දෙවොල් වැදිලා හෙට අනිද්දාම ඒ ටිකත් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 614 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site