බීජිංහිදීය (රොයිටර්)
මේ වසරේ තෙවැනි කාර්තුවේදී චීනයේ විදේශ ණය ප්‍රමාණය සියයට 7.5කින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.68ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට විදේශ විනිමානය පාලනායතනය සඳහන් කරයි.
එය දෙවැනි කාර්තුවේ සියයට 8.7 හා සැසඳීමේදී අඩුවීමක් යැයි ද එම ආයතනය පවසයි. චීනයේ විදේශ ණය තුළ වැඩි වශයෙන් ඇත්තේ ණය සුරැකුම්පත් වන අතර විදේශ ආයතන චීන ණය වෙළෙඳපොළට පිවිසීම ඊට ප්‍රධාන හේතුවයි. එමෙන්ම වෙළෙඳ ණය සහ පෙර ගෙවුම් චීනයේ විදේශ ණය වැඩිවීමට හේතු වී ඇතැයි එරට විදේශ විනිමය පාලන ආයතනය සඳහන් කරයි.
චීනයේ ප්‍රාග්ධන පාලනය සමාගම්වලට ඔවුන්ගේ ඩොලර් ණය දීර්ඝ කිරීමට සිදුවන තැනට පත් කර ඇතැයි ඇතැම් විශ්ලේෂකයෝ පවසති. චීනයේ යුවාන් මුදල් ඒකකය ශක්තිමත් කිරීම සඳහා චීනය ඩොලර් ණය ගැනීම දිරිමත් කරන බව එම පිරිස පෙන්වාදෙති.
මේ අනුව සැප්තැම්බර් මාසය අවසන් වන විට චීනයේ කෙටි කාලීන විදේශ ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.09ක අගයක් ගෙන ඇතැයි ද එය සමස්ත ණයවලින් සියයට 65ක් ප්‍රතිශතයක් යැයි ද චීනයේ විදේශ විනිමය පාලනාධිකාරිය සඳහන් කර තිබේ.
055
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2392
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තෙවැනි කාර්තුවේ චීනයේ විදේශ ණය ට්‍රිලියන 1.68ක්