IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ 30 ක් මරුට


 
දිගින් දිගටම සිදුවන ලේ වැගිරීම්වල තව දිගුවක් සටහන් කරමින් නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ පිහිටි ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමේ ස්ථානයකට එල්ල වු බෝම්බ ප්‍රහාරයකින්   පුද්ගලයින්  30 කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස්   තිබේ.
 
පල්ලියක් ආසන්නයේ මෙම ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබිණි.  දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රමාද වෙමින් තිබෙන මැතිවරණයට සූදානම් වීමක් ලෙස ඇෆ්ගනිස්තාන රජය ඡන්ද දායකයන් ලියාපදිංචිය ආරම්භ කළ අවස්ථාවේදී ඊයේ (06) මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. 
 
බෝම්බය ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයේ තැනක සවි කර තිබී ඇතැයි පොලිසිය සඳහන් කළේය. මේ අතර  තුවාල ලැබුවෝද බොහෝ පිරිසක් සිටින බව පොලීසිය අනාවරණය කළේය.
 
“පිපිරීම සිදුවන අවස්ථාවේදී පල්ලියෙන් පිටතට පැමිණි පිරිසක් ලියාපදිංචි මධ්‍යස්ථානයට එක්රැස් වී සිටියා” යැයි කෝස්ට් පළාතේ පොලිස් ප්‍රධානී අබ්දුල් හනන් පැවැසීය. 
පිපිරීමෙන් 30කට ආසන්න පිරිසක් තුවලා ලබා හෝ මියගොස් ඇතැයි ද හෙතෙම කීය.
 
කෙසේ නමුත් පිපිරීමෙන් 12 දෙනකු මියගොස් 33 දෙනකු තුවාල ලබා ඇතැයි පළාතේ නියෝජ්‍ය මහජන සෞඛ්‍ය අධ්‍යක්ෂ ගුල් මොහොම්මද් මන්ගාල් පැවැසීය. තුවාල ලැබූ ඇතැම් අයගේ තත්ත්වය බරපතළ බැවින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව වැඩිවිය හැකි බව ද මන්ගාල් කීවේය. 
 
“ගිලන් රථ තවමත් තුවාල ලැබූවන් රැගෙන එනවා” ඔහු තවදුරටත් පැවැසීය. 
 
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී 25 දෙනකු මියගොස් සතියක් ගෙවී යන්නට මත්තෙන් මෙම ප්‍රහාරය එල්ල විය.

කාබුල් නුවරට එල්ල වූ එම ප්‍රහාර ද්විත්වයෙන් ඇෆ්ගනිස්තානයේ ප්‍රංශ පුවත් සේවයේ ප්‍රධාන ඡායාරූප ශිල්පී ෂාහ් මරායි ඇතුළු මාධ්‍යවේදීහු 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එදිනම කෝස්ට් පළාතේ ස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් බී.බී.සී පුවත් සේවයේ වාර්තාකරු අහ්මද් ෂාහ් ජීවිතක්ෂයට පත්විය. 
 
ඇෆ්ගනිස්තානයේ පාර්ලිමේන්තු හා දිස්ත්‍රික් මැතිවරණ ඔක්තෝබර් 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. මෙම ප්‍රහාරයත් සමඟ ඇෆ්ගනිස්තාන වැසියන් මැතිවරණය සඳහා ලියාපදිංචි කිරීම තවදුරටත් දුර්වල කරනු ඇත. 
 
අප්‍රේල් මස 22 වැනිදාද ඡන්ද දායකයන් ලියාපදිංචි කරන ස්ථානයක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරය එල්ල වූයේ කාබුල් නුවරටය. එයින් 60ක් ජීවිතක්ෂයට පත්ව 100කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. 
 
ඒ.එෆ්.පී 

(055)



අදහස් (0)

ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ 30 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 746 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2401 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site