IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


තුර්කියේ හදිසි නීතිය ඉවත් කෙරේ

(ඉස්තාන්බුල් (ඒ.එෆ්.පී)

හමුදා කුමන්ත්‍රණයත් සමඟ පැනවූ හදිසි නීතිය බදාදා, එනම් අද (18) සිට ඉවත් කිරීමට තුර්කි රජය තීරණය කර ඇත. 

වසර 2016 දියත් කෙරුණු අසාර්ථක හමුදා කුමන්ත්‍රණයත් සමඟ හදිසි නීතිය පැනවීමට තුර්කි ජනාධිපතිවරයා පියවර ගත්තේය. හදිසි නීතිය ඉවත් කළත් රජය දැඩි නීතිරීති පනවනු ඇතැයි එරට විපක්ෂ කණ්ඩායම් බිය පළ කරයි. 

හමුදා කුමන්ත්‍රණය සිදු වී දින පහකට පසු එනම් 2016 වසරේ ජූලි 20 වැනිදා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට තුර්කි ජනාධිපති රෙජෙබ් තායිප් ඇර්දොවාන් පියවර ගත්තේය. තුර්කි ජනරජය පෙරළා දමමින් බලය අල්ලා ගැනීමට දරන ලද උත්සාහයේදී අන්කාරා නුවරට ප්‍රහාරක යානා බෝම්බ ප්‍රහාර ද එල්ල කළේය. හමුදාවේ කොටසක් දියත් කරන මෙම හමුදා කුමන්ත්‍රණයෙන් 249 ට ජීවිත අහිමි විය. 

සාමාන්‍යයෙන් මාස තුනක කාලයකට හදිසි නීතිය පැනවුවද 2016 වසරේ ජූලි 20 වැනිදා පැනවූ හදිසි අවස්ථා හතකදී දීර්ඝ කළ අතර එම කාලයේදී 80,000කට ආසන්න පිරිසක් දේශද්‍රෝහී චෝදනා මත රඳවා ගැනුණි. රාජ්‍ය අංශයේ රැකියාවල නිරත වූ එම සංඛ්‍යාව මෙන් දෙගුණයකට ආසන්න පිරිසක් රැකියාවලින් නෙරපා දමන ලදි. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත්වන ෆෙතුල්ලා ගුලාන් මෙම අසාර්ථක කුමන්ත්‍රණයේ මහමොළකරු යැයි තුර්කි රජය චෝදනා කළ අතර කුර්දි ක්‍රියාකාරීන් සහ වාමාංශිකයන් ද ඒ පිටුපස සිටි බවට ද තුර්කි රජය චෝදනා කරයි. 

කුර්දි හිතවාදී ‘පීපල්ස් ඩිමොක්‍රටික්’ පක්ෂයේ නායකයන් ෆිගෙන් යුක්සෙක්දා සහ සෙලහතීන් දෙමිර්තාෂ් යන 2016 වසරේ නොවැම්බර් මාසයේ සිට තවමත් සිරභාරයේ පසුවෙති. කුර්දි සටන්කාමීන් සමඟ සබඳතා පැවැත්වූ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ. 


(055)



අදහස් (0)

තුර්කියේ හදිසි නීතිය ඉවත් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site