IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


තුර්කිය රුසියාවෙන් එස් 400 මිසයිල පද්ධතියක් මිලට ගනී

අන්කාරාහිදීය (රොයිටර්)
 
තුර්කිය ගොඩබිම සිට ගුවනට විදිය හැකි එස් 400 වර්ගය මිසයිල මිලදී ගැනීම සඳහා රුසියාව සමඟ ගිවිසුමකට අත්සන් තබා ඇතැයි වාර්තා වේ.
 
සී.එන්.එන් ටර්ක් සහ තවත් පුවත් සේවා කිහිපයක් මේ පිළිබඳ තොරතුරු වාර්තා කර තිබේ. මෙම ගිවිසුම සාර්ථක කර ගැනීම සඳහා රටවල් දෙකම වසරකට වැඩි කාලයක් සාකච්ඡා පැවැත්වීය. 
 
මෙම ගිවිසුමේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 2.5ක් බව පැවසේ. රුසියාව සහ තුර්කිය අතර අත්සන් තබන ලද මෙ ගිවිසුම බටහිර රටවල වැඩි අවධානයකට ලක්ව තිබේ.  
 
තුර්කිය උතුරු අන්ලාන්තික් සම්මුති සංවිධානයේ (නේටෝ) සාමාජික රටක් ද වේ. මෙම ගිවිසුම සම්බන්ධ කිසිදු තොරතුරක් මාධ්‍යයට අනාවරණය කර නොතිබුණු අතර බලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් කරන ලද විමසීම්වලට කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි. 
 
කෙසේ නමුත් තුර්කියට 2020 වසරේ මාර්තු මාසය වන විට පළමු තොරගය ලැබෙන ඇතැයි රුසියානු ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන්ම උසස් තාක්ෂණයෙන් යුතු එස් 400 වර්ගයේ මිසයිල පද්ධතියක් මිලදී ගැනීමට කටයුතු කළ පළමු නේටෝ සාමාජික රට වනු ඇත්තේ ද තුර්කියයි. 
 
ගිවිසුමේ සමස්ත වටිනාකමෙන් සියයට 45ක මුදලක් තුර්කිය රුසියාව මුලින් ගෙවනු ඇතැයි ද ඉතිරි සියයට 55ක මුදල ගෙවීම සඳහා රුසියාව ණය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇතැයි ද ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.
 
(055)



අදහස් (0)

තුර්කිය රුසියාවෙන් එස් 400 මිසයිල පද්ධතියක් මිලට ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2392 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site