ඇමෙරිකාවේ ජනාධිපති මැතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් නාමයෝජනා ලැබීමට සුදුසුකම් ලබා සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සායක් වළක්වාලීමට ඇමෙරිකා පොලිසිය සමත්විය.
ලාස්වේගාස් නගරයේ පැවති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගිවූ මැතිවරණ රැස්වීමක රාජකාරියේදී සිටි පොලිස් නිලධාරියකුගේ ගිනි අවිය උදුරා ගෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබිමට ගත් උත්සාහයක් ආරක්ෂක නිලධාරීන් මැදිහත්වී වළක්වා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ මයිකල් ස්ටීවන් (19) අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු පවසා තිබුණේ තමන් එතැනට පැමිණියේ ඩොනල්ඩ් ට්‍රම්ප් මරාදැමීමට බවයි. ලාස්වේගාස් නගරයට පැමිණීමට කලින් ඔහු ගිනි අවි භාවිතය පිළිබඳව පුහුණු මධ්‍යස්ථානයකට ගොස් වෙඩි තැබීම පිළිබඳ සරල පුහුණුවක් ද ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය කියයි.
ඇමෙරිකා පොලිසිය මේ සිද්ධිය පිළිබඳව මෙතෙක් පැහැදිලි විස්තරයක් නිකුත් කර නැත. මෙතෙක් වාර්තා වී ඇති තොරතුරු අනුව දැනගැනීමට ඇත්තේ "ආරක්ෂක සීමාවන්ට යටත් කලාපයක ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු කිරීමට උත්සාහ කිරීම" සඳහා ස්ටීවන් සැන්ඵර්ඩ්ට විරුද්ධව චෝදනා ගොනුකර ඇති බවය.
මෙම සිදුවීමේ දේශපාලන සංවේදීභාවය නිසා සැබෑ තොරතුරු එළිවීමේ පමාවක් පවතින බවට විදෙස් වාර්තා සඳහන් කර ඇත.
සිද්ධිය පිළිබඳව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ අත්අඩංගුවට පත්ව සිටින බ්‍රිතාන්‍ය ජාතිකයාගේ දේශපාලන පසුබිම, සමාජ ක්‍රියාකාරකම් සහ මානසික ස්වභාවයන් පිළිබඳ වාර්තා ඇමෙරිකා බලධාරීන් වෙත සැපයීමට කටයුතු කර ඇති බවයි.
2025 නොවැම්බර් මස 04
587
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2279
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1707
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතක්
දර්ශන Tuesday, 21 June 2016 10:48 PM
මාර වැඩේ තමයි.(හේ)
චමින්ද Friday, 24 June 2016 07:16 AM
ඇමරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ (නි)