IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඩෙන්මාකයේ කාන්තාවන්ට බුර්කාව ඇඳීම තහනම්


 
 
 
ඩෙන්මාකයේ මුස්ලිම් කාන්තාවන්ට සම්පූර්ණයේ මුහුණ වැසෙන සේ බුර්කාව හෝ නිකාබ් ඇඳීම තහනම් කිරීමේ නීය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 45කින් සම්මත වී තිබේ. 
 
මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 75ක් ලැබුණු බවත් විපක්ෂව ඡන්ද 30ක් ලැබුණු බවත් වාර්තා වී ඇත.
 
මෙම නීතිය අගෝස්තු පළමු වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත. 
 
බුර්කාව හැඳීම පළමුවෙන්ම තහනම් කළ යුරෝපීය රට වන්නේ ප්‍රංශයයි. ඉන්පසු බෙල්ජියම, ඔස්ට්‍රියාව සහ බල්ගේර්යාව වැනි රටවල් කිහිපයක් ද මෙය තහනම් කළහ. 
 
(බීබීසි ඇසුරිණි - 085)



අදහස් (8)

ඩෙන්මාකයේ කාන්තාවන්ට බුර්කාව ඇඳීම තහනම්

ruwan Friday, 01 June 2018 08:54 AM

ලංකාවේ නම් එහෙම වෙන්නේ නැහැ

:       3       167

nuwan Friday, 01 June 2018 11:25 AM

නොදියුණු ක්‍රමවේද දියුණු රටවල් ප්‍රතික්ෂේප කරන බව පැහැදිලිව පේනවා.

:       0       328

Sadarana Sena Friday, 01 June 2018 12:17 PM

ඇත්තෙන්ම මෙම ඇඳුම ඇන්දම කෙනෙක්ව අඳුරගන්න බැහැ. ඕනෑම වරදක් කොට බේරී පලා යා හැකිය. මෙය සමාජයේ ආරක්ෂාව සඳහා වහාම තහනම් කල යුතුය. දැන් අපට අවවාද දෙන යුරෝපයත් මෙය තහනම් කොට ඇති හෙහින් කිසිවකුට වෙනත් අර්ථකතන මෙයට දිය නොහැකිය.

:       0       246

rasika Friday, 01 June 2018 02:27 PM

ඕනෑම සුදුසු ඇදුමක් අදින්න එය අදින කෙනාට නිදහසක් තියෙන්න ඕනේ. හැබැයි ඒ ඇදුම සමාජයේ අනෙක් මිනිසුන්ට බාධාවක් වෙන්න බැ. බුර්කාවෙන් මුහුණත් එක්ක වහ ගන්නේ නැතුව සංවර ඇදුම් ඕන තරම් තියෙනවා අදින්න. ඇයි ඒවා අදින්න බැරි. තමන්ගේ අනන්‍යතාවය පෙන්නේ නැතිව බුර්කාවෙන් වහගෙන කොච්චර නීති විරෝදී වැඩ වෙනවද. නමුත් අපේ හමුදාව LTTE ත්‍රස්තයන් පරාජය කලේ මේ බුර්කාවවත් තහනම් නොකර. අපේ හමුදාව කොච්චර දක්ෂද

:       0       159

faizer Sunday, 03 June 2018 06:09 AM

කෙනෙක් කරපු වැරැද්දකට හැම දෙනා දිහාම එහෙම බලන්න එපා. වැරදි වැඩ කරන්න මිනුස්සු එක එක ක්‍රම පාවිච්චි කරනවා.

:       57       2

nalinSunday, 03 June 2018 04:44 PM

ෆයිසර් ඔයගොල්ලෝ වැරදි විදිහටමනේ තේරුම් ගන්නේ මෙතන තියෙන්නේ සාමාන්‍ය දැනුම ප්‍රශ්නයක්. ලෝකේ හැමතැනම ත්‍රස්තවාදය පැතිරිලා. මෙහෙම මුහුණු වහගෙන ඉන්නකොට කව්ද කියල හදුනා ගන්න බැහැ. බහුතරයක් මිනිස්සු මානසික රෝගීන්ගෙන් බේරගන්න මේ ඇදුම නැති කරන්න ඕන. අපරාදයක් උනොත් කව්ද කියල cctv වලින් හොයාගන්න පුළුවන්.

:       0       42

faizerSunday, 03 June 2018 07:56 PM

හිතවත් නලින් මහතාණෙනි, මුහුණ නිරාවරණය කරන එකට මම විරුද්ද නැහැ. නමුත් මුහුණ නිරාවරණය කර බුර්කාව අදින එකට මම සහය දෙමි. ඒ එක්කම ඔබේ අදහසට මම ගරු කරමි. ප්‍රකාශ කරන්න කොතෙකුත් කරන ඇතත් මම නිහඩ වෙමි.

:       0       0

asankaSunday, 03 June 2018 08:17 PM

කෙනෙක් කිව්වේ එක්කෙනෙක්ද? තලේබාන්, IS අන්තවාදීන් හැංගෙන්න, මිනිස්සු මරන්න පාවිච්චි කරන ක්‍රමයක් මේ ඇදුම. ආගමික සංස්කෘතික නිදහස කියලා බලන්නේ නැතුව රටක ආරක්ෂාවට තර්ජනයක් වෙන ඕනෑම දෙයක් නවත්වන්න ඕන.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site