IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඩකා ප්‍රහාරයෙන් 20ක් මරුට : බංග්ලාදේශයට දින දෙකක ශෝක කාලයක්

අයිඑස් ත්‍රස්තයන් බංග්ලාදේශයේ ඩකා නුවර අවන්හලකට එල්ලකළ ප්‍රහාරයෙන් 20 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට නවතම ආරංචි පවසයි.

මිය ගිය අය අතරින් වැඩි පිරිසක් විදේශිකයන් බව කියති. ඩකා නුවර හොලි අර්ටිසන් අවන්හලට බලෙන් ඇතුළුවූ තුවක්කුකරුවෝ එහි සිටි පිරිස ප්‍රාණ ඇපයට ගත්හ.

ප්‍රහාරයට පැමිණි පිරිසෙන් 6 දෙනකු මිය ගිය බවත් එක් අයකු අත්අඩංගුවට ගත් බවත් බංග්ලාදේශ ආරංචි කියයි. මිය ගිය ප්‍රාණ ඇපකරුවන් අතර ජපන්, ඉතාලි, ඇමරිකා සහ ඉන්දීය ජාතිකයන් වන බව කියති.

මේ අතර එම ප්‍රහාරයෙන් මිය ගිය අය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කර බංග්ලාදේශයේ දින දෙකක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ත්‍රස්තවාදීන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ පිරිසේ සිටි විදේශිකයන් වෙන් කර ඔවුන්ට වෙඩි තබා ඇති අතර ත්‍රස්තයන්ට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ගිය පොලිස් භටයන් දෙදෙනකුද මිය ගොස් ඇත.



අදහස් (0)

ඩකා ප්‍රහාරයෙන් 20ක් මරුට : බංග්ලාදේශයට දින දෙකක ශෝක කාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 587 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2278 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1707 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site