IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ට්‍රම්ප් රුසියාවට එන්න කියයි

වොෂින්ටන්හිදීය (රොයිටර්)
ජී 7 සමුළුවට රුසියාව ද එක්විය යුතු යැයි ද ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි. 


මීට පෙර ජී8 නමින් මෙම සමුළුව පැවැති අතර රුසියාවේ යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපය අල්ලා ගැනීමත් සමඟ 2014 වසරේදී එයින් රුසියාව ඉවත් කෙරුණි. ඇමෙරිකා ජනාධිපතිවරයා රුසියාව ජී7 සංවිධානයට එක්විය යුතු බව සඳහන් කළ ද රුසියාව පවා එම අදහස් ප්‍රතික්ෂේප කරයි.


ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඔහු සහ ජී7 සංවිධානයේ අනෙකුත් රටවල් නායකයන් අතර වෙළෙඳාම, දේශගුණ විපර්යාස සහ ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් මතභේද තිබෙන අවස්ථාවකදීය. 


“ඔබ දන්නවා, ඔබ කැමැති වුණත් අකැමැති වුණත් , එය දේශපාලනිකව නිවැරැදි නොවුණත් අපට ලෝකය ඉදිරියට ගෙන යෑමට අවශ්‍යයි. ඒ වගේම ජී7ත් ඉදිරියට යා යුතුයි. එය කලින් ජී8 ලෙසයි තිබුණේ. ඔවුන් රුසියාව ඉවත් කළා. අනෙක් පාර්ශව රුසියාව නැවත සම්බන්ධ කර ගත යුතුයි. සාකච්ඡා මේසයේ රුසියාව සිටිය යුතු” යැයි කැනඩාවේ කිබෙක්සිටි හී පැවැත්වෙන 44 වැනි ජී7 සමුළුවට පිටත්ව යෑමට පෙර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කීය.  



- 055



අදහස් (0)

ට්‍රම්ප් රුසියාවට එන්න කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site