IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ට්‍රම්ප් යළි උතුරු කොරියාවට අනතුරු අඟවයි

බීජිංහිදීය (රොයිටර්)
 
තම පළමු ආසියානු සංචාරයේ නිරත වී සිටින ඇමෙරිකා එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් උතුරු කොරියාවට අනතුරු ඇඟවීය. නොවැම්බර් 5 තම ආසියානු සංචාරය ආරම්භ කළ ඇමෙරිකා ජනාධිපතිවරයා බදාදා (8) දිනයේ දී චීනයට පැමිණීමට පෙර ඒ බව පැවැසීය.
 
ට්‍රම්ප් ජනාධිපතිවරයා උතුරු හා දකුණු කොරියානු දේශසීමාවේ පිහිටි යුද මුක්ත කලාපයට ගමන් කිරීමට සිටියත් අහිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ සංචාරය කිරීමට නොහැකි වූ බව ද වාර්තා විය. 
 
“ඔබ නිෂ්පාදනය කරන න්‍යෂ්ටික අවි ඔබ ආරක්ෂා කරන්නේ නැහැ. ඒවා ඔබේ රෙජීමය දරුණු අවදානමකට පත් කරනවා” යැයි උතුරු කොරියානු නායකයාට නැවත වරක් අනතුරු අඟවමින් ඇමෙරිකා ජනාධිපතිවරයා පැවැසීය.
 
ඇමෙරිකා ජනාධිපතිවරයා තම ආසියානු සංචාරය අරඹන්නේම කොරියානු අර්ධද්වීපයේ උණුසුම් සහ අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන මොහොතකය. පසුගිය මාස කිහිපයක කාලයේදී උතුරු කොරියානු නායකයා සහ ඇමෙරිකා ජනාධිපතිවරයා අතර උණුසුම් වචන හුවමාරු විය. වරෙක ඇමෙරිකා ජනාධිපති උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රොකට් මිනිසා ලෙස හැඳින්වූ අතර රොකට් මිනිසා මරාගෙන මැරෙන මෙහෙයුමක නිරත වී සිටින බව ද ප්‍රකාශ කළේය. 
 
බී.බී.සී පුවත් සේවය පසුගිය දිනෙක ට්‍රම්ප් ජනාධිපති  ලොව රටවල් සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කර තිබූ අතර එහිදි ට්‍රම්ප් ජනාධිපතිවරයා උතුරු කොරියාව සම්බන්ධයෙන් 47 වරක් ට්විටර් පණිවිඩ යොමු කර ඇතැයි අනාවරණය විය. 
 
පසුගිය කාලය මුළුල්ලේම ඇමෙරිකා ජනාධිපතිවරයා උතුරු කොරියාව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටියේය. අවශ්‍ය වුවහොත් උතුරු කොරියාවට එරෙහිව යුදමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කළ ඇමෙරිකා ජනාධිපතිවරයා උතුරු කොරියාව විනාශ කරන්නේ යැයි ද කීවේය. 
 
“උතුරු කොරියාවට හුදකලා කරන්න සෑම රටක්ම එකමුතු විය යුතුයි. ඔවුන්ට සැපයුම් දීම පිළිගැනීම නොකළ යුතුයි. ඒ වගේම කිසිදු අවස්ථාවකදී ඇමෙරිකාව අවතක්සේරු කරන්න එපා. අපි උත්සාහ කර බලන්න සැරසෙන්න එපා” යැයි ද ඇමෙරිකා ජනාධිපතිවරයා දකුණු කොරියාවේ දී තවදුරටත් කීය. 

-055
 



අදහස් (0)

ට්‍රම්ප් යළි උතුරු කොරියාවට අනතුරු අඟවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 725 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1753 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site