අවදානම වැඩි යැයි හඳුනාගත් රටවල් 11ක සරණාගතයන්ට ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ස්ථාපිත වීමට අවසර දීමේ ක්‍රියාවලිය තාවකාලිකව නවතා දැමීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත.
එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි වීම සඳහා ඉල්ලුම් කළ සරණාගතයන්ගේ අයදුම්පත්‍ර සලකා බැලීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන බව ද ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කර තිබේ.
සරණාගතයන්ට අවසර දීමේ ක්‍රියාවලිය තාවකාලිකව නවතා දැමීම වැඩි වශයෙන් බලපා ඇත්තේ මැද පෙරදිග සහ අප්‍රිකානු රටවලටය. එපමණක් නොව එක්සත් ජනපදයේ නැවත පදිංචි කර තිබෙන සරණාගතයන්ට ඔවුන්ගේ පවුල් හා යළි එකතු කිරීමේ වැඩසටහන ද තාවකාලිකව නවතා දැමීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.
සරණාගතයන්ට අවසර දීමේ සහ නැවත පදිංචි කරන ලද සරණාගතයන් හා ඔවුන්ගේ පවුල් එක් කිරීමේ වැඩසටහන් තාවකාලිකව නවතා දැමීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය එරට කොංග්‍රසයට අදාළ ලියකියවිලි යවා ඇතැයි ද වාර්තා විය.
ජාතික ආරක්ෂාව ගැන සලකමින් මෙම ප්‍රමාද කිරීම සිදු කරන බව ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් මෙම තීරණය මීට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරයා සරණාගතයන්ට ඇමෙරිකාවට පිවිසීම දින 120කට තහනම් කරමින් නිකුත් කළ විධායක නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමක් යැයි සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටින පිරිස් පෙන්වාදෙති.
සරණාගතයන්ට ඇමෙරිකාව තුළ ස්ථාපිත වීමට අවසර දීමේදී දීර්ඝ හා දැඩි පරීක්ෂාවකට ලක් කෙරෙන බැවින් මෙලෙස තවදුරටත් මෙම ක්‍රියාවලිය ප්‍රමාද කිරීම අනවශ්‍ය යැයි ද ඔවුහු පෙන්වාදෙති.
(රොයිටර්-055)
2025 නොවැම්බර් මස 04
717
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප් පරිපාලනයෙන් දැඩි තීරණයක්
සෙනෙවි Friday, 27 October 2017 11:53 AM
අපි ඒ අය මෙහෙට ගෙන්වාගෙන රැකවරණය දීලා ඉල්ලන් කමු...
bamunu Sunday, 29 October 2017 01:58 AM
ඔව් ට්‍රම්ප් මහතාණනී කොහෙවත් යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්න ඕනේ නැහැනේ. එසේම ට්‍රම්ප් මහතානනී කලකට පෙර තිබු ඇමරිකන් නිශ්පාදන බොහෝමක නැවත ඒවා චීනෙට යෑම නිසා ඔබ රටේ රැකියා අඩුවක් ඇතිවී තිබෙන අතර ලෝකයාට ප්‍රමිතියෙන් යුතු බඩුවක් මිල දී ගැනීමේ අවස්තාව නැතිවී ගියේය. එමනිසා නැවත සේවාවන් Outsource කිරීම සහ නිෂ්පාදන වෙනත් රටවලට දීම නවතා දමන්න. ප්‍රමිතියෙන් යුතු බඩු නිපදවා ලාබෙට දෙන්න කටයුතු කරන්න.