වොෂින්ටන්හිදීය/ඩාවෝස්හිදීය (රොයිටර්)
ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද (25) ස්විට්සර්ලන්තයට පැමිණියේය.
ඇමෙරිකා ජනාධිපතිවරයා ලෝක ආර්ථික සමුළුවේදී “ඇමෙරිකාව පළමුවෙන්” යන තමන්ගේ ප්‍රතිපත්තිවලට මුල් තැනක් දෙනවිට අනෙකුත් ලෝක නායකයන් ආරක්ෂණවාදී පියවර අනුගමනය සම්බන්ධයෙන් වෙනස් මතයක පසුවෙයි. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ “ඇමෙරිකාව පළමුවෙන්” යන්න ආරක්ෂණවාදී ප්‍රතිපත්තියකි.
මෙම සමුළුවේදී ඇමෙරිකා එක්සත් ජනපදය තමන්ගේ මිත්‍ර රටවල් සමඟ වඩාත් සාධාරණ වෙළෙඳාමක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවත්වීමට ද නියමිතය.
ව්‍යාපාරිකයකුව සිටියදී ට්‍රම්ප්ට කිසිදු අවස්ථාවකදී ලෝක ආර්ථික සමුළුවට ආරාධනයක් නොලැබුණු අතර බිල් ක්ලින්ටන් 2000 වසරේදී ආර්ථික සමුළුවට සහභාගී වීමෙන් පසු ලෝක ආර්ථික සමුළුවට සහභාගී වන පළමු ඇමෙරිකා ජනාධිපතිවරයා ඩොනල්ඞ් ට්‍රම්ප්ය. කෙසේ නමුත් ජනාධිපතිවරණයේදී ඩොනල්ඞ් ට්‍රම්ප් ගෝලීයවාදී ප්‍රතිපත්තිවලට විරෝධය පළකරමින් අදහස් දැක්වීය.
“අපි ඉක්මනින් ඩාවෝස් වෙත යනවා. අපි ඇමෙරිකාව වැඩ කරන්නේ කොහොමද කියලා ලෝකයට කියනවා. අපේ ආර්ථිකය වර්ධනය වෙමින් තිබෙනවා. අපි ආයෙමත් දිනන්න පටන් අරන්” ස්විට්සර්ලන්තයේ ඩාවෝස් වෙත යෑමට පෙර ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.
“ඇමෙරිකාව පළමුවෙන් යනු ඇමෙරිකාව විතරක් නෙමෙයි. ඇමෙරිකාව වර්ධනය වෙද්දි ලෝකය වර්ධනය වෙනවා. අපි වර්ධනය වෙද්දි ලෝකය වර්ධනය වෙනවා. ලෝකය වර්ධනය වෙද්දි අපි වර්ධනය වෙනවා. අපි එහි කොටසක්. අපි ලෝක ආර්ථිකයේ කොටසක්” යැයි ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පැහැදිලි කරමින් ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ගැරි කොහ්න් පැවසීය.
055
2025 නොවැම්බර් මස 04
734
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප් ඩාවෝස් ආර්ථික සමුළුවට