IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ටියුනීසියා වැසියෝ වීදි බසිති

ටියුනිස්හිදීය (ඒ.එෆ්.පී)
 
ටියුනීසියා  වැසියෝ (14) අද විදීවලට පැමිණ අරාබි වසන්තයෙන් පසු වසර හතක් ගත වීම සිහිපත් කළහ.
 
කෙසේ නමුත් අරාබි වසන්තයෙන් වසර හතක් ගෙවී යන අවස්ථාවේදී ද ටියුනිසියාවේ විදීවිල විරෝධතා පැවැත්වෙමින් තිබේ. දුප්පත්කම සහ විරැකියාව ඉහළ යෑම මෙම විරෝධතාවලට හේතු වී තිබේ. 
 
උතුරු අප්‍රිකානු රාජ්‍යයක් වන ටියුනීසියානු ජනතාව 2011 වසරේ ජනවාරි 14 වැනිදා බල හුවමාරුකවට දායකත්වය දැක්වූහ.  වසර 23ක් බලයේ සිටි අබිදීන් බෙන් අලී බලයෙන් ඉවත් කිරීමට එරට ජනතාව කටයුතු කළහ. දරිද්‍රතාව, උද්ධමනය, විරැකියාව යනාදිය ඉහළ යෑම සහ භාෂණයේ නිදහස අවම වීම එම බල පෙරළියට ප්‍රධාන වශයෙන් හේතු වී අතර වීදිවල ඇති වූ විරෝධතා නිසි මරණ හා තුවාල ලැබීම් ද වාර්තා විය.
එම බල පෙරළියෙන් වසර හතකට පසු නැවතත් ටියුනීසියාවේ වීදිවල විරෝධතා ඇති වී තිබේ. බඩු මිල ඉහළ යෑම, දුප්පත්කම ඉහළ යෑම හා විරැකියා පසුගිය අවස්ථාවේදී මෙන් මෙවරත් විරෝධතාවලට හේතු වී තිබේ. නව වසරේ උදාවත් සමඟ ආණ්ඩුව ගෙන ඇති සීමාකාරී ආර්ථික ක්‍රියාමාර්ග ද විරෝධතාවලට හේතු වී තිබේ.
2011 වසරේදී යොදාගන්නා ලද “රැකියා, නිදහස සහ අභිමානය” යන සටන් පාඨ මෙවර විරෝධතාවලටත් යොදා ගෙන තිබේ.
 
බල පෙරළියට වසර හතක් සපිරෙන ඉරිදා (14) දිනයේදීත් ටියුනීසියාවේ අගනුවර වන ටියුනිස් වෙත දහස් ගණන් ජනයා එක්රැස් වූහ. ඒ අතරට ටියුනීසියාවේ බලවත් වෘත්තීය පක්ෂ සහ දේශපාලන පක්ෂ නියෝජිතයෝද ඇතුළත් වූහ. 
ස්ථාන රැසක මුර කපොළු යොදමින් ආරක්ෂාව තර කිරීමට ටියුනීසියානු බලධාරීහූ කටයුතු කළහ. විරෝධතාකරුවෝ ‘බඩගිනියි, දුප්පත්’ යනුවෙන් සටන් පාඨ කීහ. සොරුන් රට සොරකම් කර ඇතැයි ද ඔවුහු චෝදනා කළහ.
 
පසුගිය සති දෙකකට ආසන්න කාලයේදී ටියුනීසියාවේ නගර රැසක විරෝධතා ඇති වූ අතර දහවල් කාලයේදී සාමකාමී ස්වරූපයක් ගත් විරෝධතා රාත්‍රී කාලයේදී රාත්‍රී කාලයේදී තරමක් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත් බව ද වාර්තා විය. ජනවාරි මාසයේදී හඳුන්වාදෙන දෙන එකතු කළ අගය මත බදු සහ සමාජ ආරක්ෂණ දායකත්ව ආදී සීමාකාරී ආර්ථික ක්‍රියාමාර්ග මෙම විරෝධතාවලට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. 
සති දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ පවතින විරෝධතා අතරවාරයේදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු, සොරකම් කිරීම් සහ රාජය දේපළවලට හානි කළ බවට චෝදනා එල්ල වූ 800කට වඩා වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇතැයි ටියුනීසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය. 



අදහස් (0)

ටියුනීසියා වැසියෝ වීදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 734 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site