IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ජර්මනියේ සමගි ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවය

 

බර්ලින්හිදීය (රොයිටර්)

මාස ගණනක අවිනිශ්චිතතාව අවසන් කරමින් ජර්මනියේ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එරට චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කෙල්ගේ කන්සර්වේටිව් පාර්ශවය එරට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමගි ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාව පළ කර තිබේ. 

මැතිවරණයේදී කිසිදු පක්ෂයකට බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නොහැකි වූ අතර මැතිවරණයෙන් ආසන වැඩි සංඛ්‍යාවක් දිනාගත් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා පැවත්වුවද එම සාකච්ඡා අසාර්ථක විය. 

මේ තත්ත්වය හේතුවෙන් ජර්මනියේ මිත්‍ර රටවල් සහ ආයෝජකයන් අතර ජර්මනිය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වී තිබේ. 

ඇන්ජෙලා මර්කෙල් නායකත්වය දරන ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට මෙලෙස දෙපාර්ශවය එකඟතාව පළ වී තිබේ.

මෙම එකඟතාවත් සමඟ ජර්මනියේ යුරෝ කලාප ප්‍රතිපත්තියේ වෙනසක් වනු ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මුදල් අමාත්‍යාංශය හිමිවීම ඊට හේතුව යැයි ද එම මාධ්‍ය වාර්තාවල දැක්විණි. 
 
 
055



අදහස් (1)

ජර්මනියේ සමගි ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවය

රටවැසියා Thursday, 08 February 2018 02:12 PM

ඒකාබද්ධ විපක්ෂයක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කොටසකින් නැත්ද ?

:       17       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 734 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site