IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ජර්මනියේ සංගීත ප්‍රසංගයකට ප්‍රහාරයක් : 12ක් මරුට

ජර්මනියේ ඇන්ස්බැක් නුවර දී මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

එළිමහන් සංගීත ප්‍රසංගයකදී මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවත් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාද මිය ගොස් ඇති බවත් කියති.

බවේරියා හි අභ්‍යන්තර කටයුතු ඇමැති කියනුයේ 27 හැවිරිදි අයකු සංගීත ප්‍රසංගයට ඇතුළුවීමෙන් පසු ඔහු පසුපස පැළඳගෙන ආ උපකරණයක් පුපුරුවා හැර ඇති බවයි.

පිපිරීමෙන් පසු එම භූමියේ සිටි 2500ක පමණ පිරිසක් ඉවත් කර ඇතැයි කියති. සතියක් ඇතුළත බවේරියා ප්‍රාන්තයේ සිදුවූ තෙවැනි ප්‍රහාරය මෙය බව විදෙස් මාධ්‍ය කියයි. 

web_90503155_034212070



අදහස් (0)

ජර්මනියේ සංගීත ප්‍රසංගයකට ප්‍රහාරයක් : 12ක් මරුට

ලංකා Monday, 25 July 2016 04:52 PM

දැන් මේ සිද්ධි ලොවටම කරදරයක් වෙලා. ඇයි තවත් අනුකම්පා කරන්නේ? අපි ඔක්කොම මේ විදියට විනාශවෙලා යයි (නි)

:       0       0

අයිරාංගනී Monday, 25 July 2016 05:33 PM

අනේ දෙවියනේ, හරිම කණගාටුයි (නි)

:       0       0

සිසිර Tuesday, 26 July 2016 10:45 AM

මේ ත්‍රස්තවාදය ලෝකෙන්ම තුරන් කල යුතුයි. (ර)

:       0       0

නලින් Tuesday, 26 July 2016 11:38 AM

ශ්‍රී ලංකා හමුදාවන් ත්‍රස්තවාදීන් පරදවනකොට බටහිර රටවල්වලට ලොකු දුකක් දැනුන. දැන්වත් ඒ රටවලට තේරෙනවද දන්නේ නෑ දෙපිටකාට්ටු ප්‍රතිපත්තිවල පල විපාක. (බ)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 26 July 2016 12:26 PM

එයාලගේ ආගමික නායකයින් මේවාට විරුද්ධව ක්‍රියාකරන්න ඕනේ. ඒ අයට මේ සම්බන්ධව බලකරන්න ඕනේ. ආගමේ නාමය කැත නොකර සාමකාමීව ඉන්න කියල මුළු ලෝකයේම ඉස්ලාම් ජනතාව නැගී සිටුවන්න ඕනේ. එතකොට අන්තවාදීන්ගේ සහ සාමකාමී ජනතාවගේ වෙනස ලොවට තේරේවි. (බ)

:       0       0

සෑම් Monday, 25 July 2016 11:56 PM

රංජන්, ඇයි ඔයාට අමතකද ලංකාවෙත් මේ වගේ ප්‍රහාර එල්ලවෙන කාලයක් තිබුනා. එහෙම කියලා ලංකාවේ සංගීත ප්‍රසංග තිබුනේ නැද්ද? දැන් මිනිසුන්ට සියල්ලම අමතක වෙලා. (නි)

:       0       0

රංජන් Monday, 25 July 2016 08:38 AM

ප්‍රහාර එල්ල වන ප්‍රදේශයක් වෙලත් ඇයි මේ වගේ දෙයක් සංවිධාන කර තිබෙන්නේ.(හේ)

:       0       0

ජයසිරි Tuesday, 26 July 2016 01:47 PM

නලින් මහත්මය ඔබ හරි (බ)

:       0       0

හේමන්ත Tuesday, 26 July 2016 01:57 PM

සරණාගත වේශයෙන් ලක්ෂ ගණනක් මෙරටට පැමිණිය. ඔවුන් සමග මොනතරම් අන්තවාදී පිරිස් පැමිණියද කියා කවුද දන්නේ. තමන්ගේ වාසිය පිණිස අන් රටවලට කළ අකටයුතුකම් කාලයත් සමග ඔවුන්ටම පාරාවළල්ලක් වෙලා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 604 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1713 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site