බර්ලින්හිදීය (රොයිටර්)
ජර්මන රජයේ පරිගණක පද්ධතිවලට එල්ල වූ ප්‍රබල සයිබර් ප්‍රහාරය ලොව පුරා පරිගණක පද්ධති ඉලක්ක කරගෙන දියත් කරන ලද්දක් බව යැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
රුසියාවේ ‘ස්නේක්’ නැමැති හැකර් කණ්ඩායම මෙම ප්‍රහාරය දියත් කර තිබෙන අතර ‘ෆැන්ස් බෙයාර්’ නැමැති කල්ලියක් සයිබර් ප්‍රහාරය දියත් කළ බව මුලින් වාර්තා විය.
සයිබර් ප්‍රහාර මාලාව ආරම්භ වූයේ පසුගිය දෙසැම්බර් මාසයේදී යැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වුවද සයිබර් ප්‍රහාර මාලාව ඊට මාස ගණනකට පෙර ආරම්භ වූවක් යැයි ද ජර්මානු බලධාරීහූ පවසති.
සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාවේ සම්බන්ධයක් නැතැයි ද මෙම සයිබර් ප්‍රහාරවලට රුසියානු හැකර්කරුවන් සම්බන්ධ යැයි එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද ක්‍රෙම්ලීනයේ ප්‍රකාශකයකු වන ද්මිත්‍රි පෙස්කොව් පැවැසීය.
“ලොව පුරා සයිබර් ප්‍රහාර මාලාවක් එල්ල වීම සම්බන්ධයෙන් අපි කනගාටුවට පත්වෙනවා. සෑම අවස්ථාවකදීම රුසියාවට චෝදනා එල්ල වුණා. සයිබර් ප්‍රහාරවලට රුසියන් හැකර්කරුවන් සම්බන්ධ යැයි චෝදනා එල්ල වුණා. එහෙත් එම චෝදනා සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් තිබුණේ නැහැ” යැයි මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පෙස්කොව් කීය.
055
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජර්මනියට එල්ලවූ සයිබර් ප්‍රහාරය රුසියානු හැකර්කරුවන් ප්‍රතික්ෂේප කරයි
sam Friday, 02 March 2018 11:23 PM
ඉතාම විශ්වාසදායි පුද්ගලයින් වන රුසියානු හැකර්වරුන්ගේ මෙම ප්‍රකාශය 100% සත්‍ය බව නොදන්නේ කව්ද?