ධාරාණිපාත වර්ෂාව සහ අධික සුළිං සහිත කාලගුණ තත්ත්වයක් යටතේ ජපාන මහ මැතිවරණය අද (22) ආරම්භ විය. ජපාන වේලාවෙන් උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ විය. මැතිවරණය ආරම්භ වනවිටත් ජපානයේ බොහෝ පෙදෙස්වලට අධික වැසි හා සුළං සහිත කාලගුණයක් පැවැති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
අධික වැසි හා සුළං තත්ත්වය නිසා ගුවන් ගමන් සියයකට වැඩි ප්‍රමාණයක් අවංලගු කිරීමට සිදුව ඇතැයි ද දුම්රිය ගමන්වලට බාධා එල්ල වී ඇතැයි එරට බලධාරීහූ ප්‍රකාශ කළහ.
අවදානම 4 වැනි තත්ත්වයෙන් තිබෙන සුළි කුණාටුවක් ජපානයේ නැගෙනහිර ඔකිනාවා සිට උතුරු නැගෙනහිර දෙසට ගමන් කරමින් තිබෙන බව ද ජපාන කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබිණි.
ජපාන මහ මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වන්නේ වත්මන් අගමැති ෂින්සෝ අබේට දූෂණ චෝදනා එල්ල වී තිබෙන අවස්ථාවකදී හා උතුරු කොරියාවෙන් පෙර නොපැවැති තර්ජනයක් එල්ල වී තිබෙන අවස්ථාවකදීය.
දූෂණ චෝදනා හේතුවෙන් ජපාන අගමැතිවරයාගේ ජනප්‍රියත්වය අඩු වී ඇතැයි මීට පෙර පැවැසුණද මැතිවරණයෙන් අබේ සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කරගනු ඇතැයි අනාවැකි පළ වී තිබිණි.
අනාවැකි පළ වී ඇති අයුරින් ෂින්සෝ අබේ මැතිවරණයෙන් ජයගත හොත් ඔහුට පශ්චාත් යුද ජපානයේ දීර්ඝතම කාලයක් අගමැතිධුරය හෙබ වූ පුද්ගලයා බවට පත්වීමට අවස්ථාවට උදා වේ.
ෂින්සෝ අබේගේ ජයග්‍රහණයට ඔහු හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිපත්ති බෙහෙවින් උපකාරී වනු ඇතැයි දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබිණි. එම ආර්ථික ප්‍රතිපත්ති ‘අබේනොමික්ස්’ නමින් ප්‍රසිද්ධියට ද පත්විය.
ජපාන අගමැතිවරයාට ටෝකියෝ හි ආණ්ඩුකාරවරිය වන යුරිකෝ කොයිකේගෙන් අභියෝගයක් එල්ල වූවාය. ඇය තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබුණත් මහ මැතිවරණයේදී අගමැතිවරයා නියෝජනය කරන ‘ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය’ හැරෙන්නට වෙනත් විකල්පයක් ජපාන ඡන්ද දායකයන්ට නැතැයි බී.බී.සී පුවත් සේවයට අදහස් දැක්වූ එක් මැතිවරණ නිරීක්ෂකයකු පවසා තිබිණි.
මහ මැතිවරණයෙන් තම පක්ෂය තුනෙන් දෙකක බහුතරයක් හිමි කරගනු ඇතැයි ෂින්සෝ අබේ අපේක්ෂා කරයි. එම බලය හිමි වුවහොත් අවශ්‍ය පරිදි ව්‍යවස්ථා වෙනස්කම් කිරීමට ෂින්සෝ අබේට අවස්ථාව උදාවනු ඇත.
ඒ අනුව දැනට ජපානයේ පවතින ස්වයං ආරක්ෂක බලකාය ජාතික හමුදාවක් බවට පත්වනු ඇත. ෂින්සෝ අබේට එය සිදු කිරීමට හැකි වුවහොත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානය තුළ ජාතික හමුදාවක් ස්ථාපිත කෙරෙන පළමු අවස්ථාව එය වනු ඇත.




2025 නොවැම්බර් මස 04
717
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපන් මහ මැතිවරණය ඇරඹෙයි
pablo Sunday, 22 October 2017 08:25 AM
මමත් ජපානේ ඉන්නේ .. මගේ බිරිඳත් ජපන් ජාතිකයෙක් .. එ්ත් මේ නිවුස් එක අද කියවනකන් මම ඇත්තටම දැනගෙන හිටියේ නැහැ අද ජපානේ මහා මැතිවරණය කියලා .. බිරිඳ නං දැනගෙන ඉඳල එ්ත් කියන්න තරම් වටිනා දෙයක් නෙමෙයි හින්දයි කිව්වේ නැහැලු .. කවුරු පත් වුණත් රටේ අනිවාර්ය ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැති හින්දා ඡන්දය මෙහෙ මිනිස්සු ඒ තරම් ගණන් ගන්නේ නැහැ .. ඒකට අපේ ලංකාව ..අපේ ප්‍රාදේශීය සභා ඡන්දෙ තියෙන දවසවත් දන්නේ නැතුව කොහොමද දැන් ඉඳලම තියෙන ඡන්ද උණුසුම ..