
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, එලිසබත් මහ රැජිනගෙන් සමාව ඉල්ලීමක් කළේය. අග්‍රාමාත්‍ය ජොන්සන් මෙසේ සමාව ඉල්ලුවේ, දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා පිලිප් කුමරුගේ අවමංගල කටයුතු සිදුවුණු දා අගමැති නිල නිවසේ මධුවිත සාදයක් පැවැත්වීම සම්බන්ධයෙනි.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අංක 10 ඩවුනින් වීදියේ පිහිටි අගමැති නිල නිවසේ එම සාදය පවත්වා ඇත්තේ පසුගිය 2021 අප්‍රේල් 17 වැනිදාය. ඒ වනවිටත් 'කොවිඩ් 19' වසංගය හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි සීමා පනවා තිබුණු අතර, පුද්ගල ඒකරාශීවීම් තහනම් කර තිබුණි. පිලිප් කුමරුන්ගේ අවමංගල කටයුතු පවා පැවැත්වූයේ රජ පවුලේ සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය නීතිරිතීවලට අනුකූලවය.
මීට පෙර 2020 දී ද මහා බ්‍රිතාන්‍යය ලොක්ඩවුන් කර තිබියදී අග්‍රාමාත්‍ය ජොන්සන් සිය කාර්ය මණ්ඩලය වෙනුවෙන් සාදයක් පැවැත්වූ බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය වසං කිරීමට අග්‍රාමාත්‍ය ජොන්සන් උත්සාහ කළත් එය අසාර්ථක විය.
පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය ජොන්සන් කියා සිටියේ තමන් සෞඛ්‍ය නීති කඩකරමින් සාද පැවැත්වූ බවය. ඒ සම්බන්ධයෙන් ඔහු පාර්ලිමේන්තුවෙන්, සිය කොන්සවර්ටිව් පක්ෂයෙන් සහ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලීමක් ද කළේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජොන්සන් රැජිනගෙන් සමාව ඉල්ලයි