
මාස කිහිපයකට පසු ෂැංහයි සහ බීජිං නගරවල පාසල් අද (27) විවෘත කළ අතර දරුවෝ දහස් ගණනක් පාසල්වලට පැමිණියහ.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් චීනයේ පාසල් මාස කිහිපයක් මුළුල්ලේ වසා දමා තිබිණි. කොරෝනා වයිරසයේ අවදානම පහව යෑමත් දෛනිකව වාර්තා වන මරණ සහ ආසාදිතයන් ගණන අඛණ්ඩව අඩු වීමත් සමඟ චීනයේ ප්‍රධාන නගර මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබේ.
පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කළ ද පැමිණීමට අවසර ලබා දී ඇත්තේ තෝරාගත් ශ්‍රේණීවලට පමණි. ෂැංහයි නුවර ද්විතීක සහ ඉහළ පාසල්වල අවසන් වසරේ සිසුන්ට ඒ අනුව පාසල් පැමිණීමට අවසර ලැබී ඇති අතර බීජිං නුවර විශ්වවිද්‍යාලවල අවසන් වසරේ සිසුන්ට විශ්වවිද්‍යාලවලට පැමිණීමට අවසර ලබා දී ඇත. මෙසේ අවසර දී ඇත්තේ ද අත්‍යවශ්‍ය සහ වැදගත් විභාගවලට පෙනී සිටීමට සිටින සිසුන්ටය.
චීනය සාර්ථකව කොරෝනා වයිරසය මැඬ පැවැත්වූ බව ප්‍රකාශ කළ ද තවමත් අවදානම් මට්ටම පහළ දමා නැත. විදේශිකයන්ගෙන් කොරෝනා වයිරසයේ ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බැවින් චීනය තවමත් දැඩි පියවර ගනී.

‘ලොක්ඩවුන්’ සීමා පැනවීමෙන් අනතුරුව බොහෝ පාසල්වල ඉගැන්වීම් කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරිණි.
දරුවන් පාසල් පැමිණියද ඔවුන් දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා අතර බොහෝ දෙනා විෂබීජහරණ භාවිත කළ බව ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි. පාසල් දරුවන් පැමිණියේද මුඛ ආවරණ පැළැඳය.
කෙසේ නමුත් කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත් චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ පාසල් විවෘත කිරීමට නියමිතව ඇත්තේ මැයි 6 වැනිදාය.
පාසල් විවෘත කළ ද සොඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් චීන අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂිත ක්‍රමවේද අනුගමනය කර ඇත. චීනයේ බීජිං අගනුවර පිහිටි සෑම පාසලකම ගේට්ටුවෙන් දරුවන් ඇතුළත් කරගැනීමට පෙර ඔවුන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කර බලන අතර දරුවන් ඔවුන්ට ලබා දී ඇති ‘හරිත’ කේතය පෙන්විය යුතුය. හරිත කේතය ඇත්තේ විශේෂිත මෘදුකාංගයක වන අතර ඔවුන්ට වයිරසය ආසාදනය වන්නේ ද නැද්ද යන එමඟින් ගණනය කෙරේ.
ඒ.එෆ්.පී.
055


2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන දරුවෝ පාසල් යති
බණ්ඩා Monday, 27 April 2020 02:57 PM
ඉස්කෝලේ යන එක හොඳයි... එත් දරුවෝ ආයේ නම්.. වවුල් සුප් , නයි සුප් වෙහෙම බොන්න එපා. බල්ලෝ, පුසෝ ඉන්නේ ගෙදර ඇතිකරන්න. එහෙම නැතිව බත් එක්ක කන්න නොවෙයි. ඔබලාගේ දෙමව්පියන්ට මේ ගැන කියන්න...
udaya Monday, 27 April 2020 07:53 PM
පේනවනේ අසමජ්ජාති ලෝකෙට වසංගතේ දීල අපුරුවට ඉන්න ලස්සන. අනික් රටවල දරුවෝ සත්තු වගේ පාරේ මැරිලා යනවා. ඊළඟට මොකාගේ සුප් හදාවිද දන්නේ නේ. මුළු ලෝකෙම චීනෙන් වන්දි ඉල්ලන්න තියෙන්නේ.
sunil Tuesday, 28 April 2020 05:47 AM
අපේ දරුවන්ට කවදද පාසල් යන්ට ලැබෙන්නේ? චීනය මේ ළමයින්ට ගෙදර ඉදන් හරි ඉගෙනගන්න් තාක්ෂණයෙන් උදවු කරන්න ඕනේ ...!! අපේ රටේ මිනිස්සුන්ට මොන අපරාදයක්ද මේ චීන්නු කළේ?
ashana Tuesday, 28 April 2020 10:14 AM
චීනය ලෝකෙටම දුන්න කරදරේ මතක් වෙද්දි...