IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


චීන ජේ-20 රේඩාරයට හොරෙන් යයි

සිය යුද ගුවන් බලය පෙන්වමින් චීනය ජේ-20 වර්ගයේ නවීනතම රහස් ඔත්තු නිරීක්ෂණ යානා සන්දර්ශනයක් පැවැත් වූ බව වාර්තා වේ. රේඩාර් සංඥා මඟහැර පිසායාර කිරීමේ සමත්කම් දක්වන මෙම යානා තත්පර 60කදී ගුවන්ගත වෙමින් ගුවැන්ඩොංග්හි සුහායි ගුවන් සංදර්ශනය වර්ණවත් කෙරිණි.

මහජන ප්‍රදර්ශනය සඳහා මේ යානා ඉදිරිපත් කර ඇත්තේ ප්‍රථම වතාවටය. මෙම යානා චීන යුද ශක්තියේ ඉදිරි පියවරක් බවත් විශේෂයෙන් දකුණු හා උතුරු චීන මුහුදේ බලය තවත් ශක්තිමත් කර ගැනීමට උදව්වක් වනු ඇති බවත් විචාරකයෝ පවසති. චීනය ඉදිරි වසර දහයේදී ලෝකයේ විශාලම ගුවන් යානා වෙළඳපළට හිමිකම් කියනු ඇති බව ද ඔවුහු පවසති.

Untitled-1



අදහස් (0)

චීන ජේ-20 රේඩාරයට හොරෙන් යයි

කැනඩා දිසා Wednesday, 02 November 2016 12:53 AM

චීනා තරම් ගල් ආඳෙක් මේ මුළු ලෝකෙම නැහැ (නි)

:       0       0

ජයාත් Wednesday, 02 November 2016 12:57 AM

ඕක උඩ යන වෙලාවක පහළින් අයින්වෙලා ඉන්න එක ඇඟට ගුණයි!

:       0       0

අමිල Thursday, 03 November 2016 05:18 AM

20 කියන්නේ ප්‍රහාරක යානයක්

:       0       0

නිරුල් Thursday, 03 November 2016 05:37 AM

දැන් කාලේ කොණ්ඩය බැඳපු චීන්නු නැහැ කියලා කව්රු කව්රුත් හිතට ගත්තොත් හොඳයි. (නි)

:       0       0

කස්තුරිආරච්චි Wednesday, 02 November 2016 02:44 AM

සමහරු චීනා ගැන හිතාගෙන ඉන්නේ තාම චීනා ඉන්නේ 1950 කියලා. තව ටික කලකින් ලෝකෙටම චීන පිහිට තමයි (නි)

:       0       0

රංග Wednesday, 02 November 2016 04:37 AM

චීනයෙනුත්, ඉන්දියාවෙනුත් සොරකම් කළ දැනුමට කොකේසියානු නාමපුවරු ඇලවීම ඉතිහාසය පුරාම දකින්නට පුළුවන්. පැස්කල් ත්‍රිකෝණය චීනයේත්, ඉන්දු ඉලක්කම් ඉන්දියාවේත් උපත ලැබූ නවීන ගණිතයේ මුල් බීජ. අද යුරෝපා වෙළඳපොලේ 80%කම තිබෙන්නේ චීන භාණ්ඩ.ඉතිහාසය නොතකන ජාතියකට අනාගතයක් නැත! (ම)

:       0       0

දුමින්ද Thursday, 03 November 2016 06:54 AM

නව ලෝක දැනුමේ උපතේ හිමිකම නැවත ආසියාවට (නි)

:       0       0

මහාදේව Wednesday, 02 November 2016 01:09 PM

අනේ ඔවු, ඇමෙරිකාවට ආවඩන අය‍ට අමතක ඇති 2001 සැප්තැම්බර් ත්‍රස්ත ප්‍රහාරය, එතකම්ම ඇමෙරිකාව හිතන් හිටියේ පුරන් බැවේ පෙන්ටගනේට ඉහලින් කුරුල්ලෙකුටවත් පියබන්න බෑ කියල, එදා තමයි හෙළුව එලි වුණේ, ඇමෙරිකාව මීට වසර 20කටත් කලින් සොයා ගත්ත කතාවත් ඒකට දෙවෙනි නෑ. (අ)

:       0       0

දොඩන්ගොඩ ආනන්ද Wednesday, 02 November 2016 08:22 AM

අපේ සමහරු චීනය සහ චීන කාණ්ඩ අවතක්සේරු කරාට , අද යුරෝපා සංගමයේ රටවලත් ඇමරිකාව වැනි ලෝකයේ දියුණු රටවලත් තිබෙන සියලුම කාණ්ඩ ( ඉලෙක්ට්‍රොනික්ස් ) සහ වෙනත් චීනයේ නිෂ්පාදිත ඒවා , ඔබ ගෙවන මුදල අනුව එහි තත්ත්වය , නොබෝ කලකින් ලෝකයේ සියලුම දේවලින් පළමු තැන චීනයට බව දියුණු රටවල් දනී (ම)

:       0       0

නිපුන් Tuesday, 01 November 2016 03:14 PM

මේ රේඩාර් තාක්ෂණය ගැන ඇමරිකාව සොයාගත්තේ මීට වසර 20කටත් කලින් නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 651 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2326 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site