චීනයේ විභාගයකට සිසුන් රැගෙන යමින් සිටි බස් රථයක් ජලාශයකට පෙරලීමෙන් 21 දෙනෙක් මරණයට පත්ව ඇත.
අනතුරින් තවත් සිසුන් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව චීන මාධ්‍ය වාර්තා පැවසීය.
චීනයේ ගුයිෂෝ පළාතේ අන්ෂුන් නගරයේදී මෙම අනතුර සිදු වී ඇත.
අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ ගමන් කළ පුද්ගලයින් සංඛ්‍යාව පිළිබඳ නිශ්චිතව අනාවරණය වී නොමැත.
කිමිදුම්කරුවන් 17 දෙනෙක් ඇතුළු 90 ක පිරිසක් අනතුරට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුමට එක්වී සිටියහ.
මන්තීරු 6 කින් සමන්විත මාර්ගයේ කෙළවර මංතීරුවක ගමන් කළ බස් රථය මන්දගාමී වී අංශක 90 ක හැරවුමකින් මාර්ගය හරහා ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පිහිටි ජලාශයකට පෙරළී ඇති අතර අනතුර සිදුවන අයුරු අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබේ.
මෙම අනතුරට හේතුව විමර්ශනය කරමින් පවතින බව චීන මාධ්‍ය වාර්තා කරයි.
-226-
රොයිටර් ඇසුරෙනි
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2392
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයේ බස් රථයක් පෙරැළී 21 ක් මරුට