IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


චීනයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

හොංකොං පරිපාලන නගරය මුල් කරගනිමින් සම්බාධක පැනවුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව චීනය අද (3) ඇමෙරිකා එක්සත් ජනපදයට අනතුරු ඇඟවීය.

චීනය හොංකොං පරිපාලනයට නව ආරක්ෂක නීතියක් හඳුන්වා දී තිබෙන අතර එමඟින් හොංකොං වෙත ලබා දී තිබූ නිදහස සීමා කෙරෙන බවට චෝදනා එල්ල වී තිබේ.

හොංකොං චීනයට අයත් වුවද වෙනම පරිපාලන ප්‍රදේශයක් ලෙස ක්‍රියාත්මක වන අතර ලොව අවිවේකී සහ නොනිදන මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකේ.

ස්වාධීනව වෙන් වී යෑම, ත්‍රස්තවාදය, චීන පරිපාලනයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම සහ හොංකොංහි සිටින විදෙස් පාර්ශව සමඟ එක්ව විවිධ ක්‍රමන්ත්‍රණ යනාදිය සීමා කරමින් චීනය, හොංකොං ස්වයං පාලන ප්‍රදේශයට මෙම නව ආරක්ෂක නීතිය හඳුන්වා දී තිබේ.

මෙම නව ආරක්ෂක නීතිය හඳුන්වා දීමත් සමඟ විශේෂයෙන්ම බටහිර රටවලින් චීනයට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

මේ තත්ත්වය හේතුවෙන් හොංකොං ස්වයං පාලන පනත් කෙටුම්පතක් සම්මත කරගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගත්තේ ය. දැඩි බෙදීමක් දක්නට තිබෙන ඇමෙරිකානු දේශපාලනයේ ප්‍රතිවාදීන් වන රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂය එකතු වී එම පනත් කෙටුම්පත සම්මත කරගෙන තිබේ. අදාළ පනත ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්සන අවශ්‍ය වන අතර ඒ සඳහා අදාළ ලියකියවිලි ජනාධිපතිවරයාට යවා ඇත.

චීන බලධාරීන් සමඟ ගනුදෙනු කරන සහ සබඳතා පවත්වන බැංකුවලට සම්බාධක පනවන බව ද ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කර ඇත. හොංකොං ස්වයං පාලන පනතෙන් චීන බලධාරීන් සහ හොංකොං පොලිසිය ඉලක්ක කර ඇත. හොංකොං වෙත ලබාදී තිබෙන නිදහස සීමා කිරීමට ඔවුන් උත්සාහ කළහොත් ඔවුන්ට එරෙහිව සම්බාධක පැනවීමට නව පනත මඟින් ඇමෙරිකා එක්සත් ජනපදයට අවස්ථාව ලැබේ.

චීනය, නව ආරක්ෂක නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ එරට සිට මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනි සිටි ක්‍රියාකාරීන් රැසක් පලාගොස් ඇතැයි ද වාර්තා වේ. එසේ පලා යන පිරිස්වලට සහාය දැක්වීමට කාර්යාලයක් ස්ථාපිත කිරීමට චීනයේ ප්‍රතිවාදියකු වන තායිවානය පියවර ගෙන තිබේ. හොංකොං වැසියන්ට පුරවැසි අයිතිවාසිකම් දීමට බ්‍රිතාන්‍ය මේ වනවිට සැලසුම් කරමින් සිටින අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

ඇමෙරිකානු කොංග්‍රසයේදී සම්මත වූ නව පනත මඟින් බැංකුවලට සම්බාධක රැසක් පැනවෙන අතර ඇමෙරිකානු ආයතනවලින් ණය ගැනීම ද අවහිර වනු ඇත. විශේෂයෙන්ම හොංකොං වෙත ලබා දී තිබෙන නිදහස සීමා කිරීමට පියවර ගන්නා නිලධාරීන් සමඟ ගනුදෙනු කළහොත් අදාළ බැංකුවලට එසේ සම්බාධක පැනවෙනු ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොංග්‍රසය ඒකමතිව ගෙන තිබෙන මෙම ක්‍රියාමාර්ගවලට චීනයෙන් දැඩි විරෝධය එල්ල වී තිබෙන අතර ගෙන ඇති තීන්දු තීරණ ක්‍රියාත්මක කළහොත් ඒවාට දැඩි ප්‍රතිචාර දක්වන්නේ යැයි ද අනතුරු අඟවා ඇත.

‘‘යථාර්ථය තේරුම් ගන්නැයි අපි ඇමෙරිකාවට අවධාරණය කරනවා. හොංකොංවල කටයුතුවලට මැදිහත් වෙන්න එපා. සම්මත වූ පනත ක්‍රියාත්මක කරන්නත් එපා. එසේ කළහොත් අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා’’ යැයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියැන්ගේ පැවැසීය.

හොංකොං හි ක්‍රියාත්මක නව ආරක්ෂක නීතිය ලොවපුරා නිදහස අගය කරන ජනතාට පිළිගත නොහැකි නීතියක් යැයි ද එය නිදහස පාවාදීමක් යැයි ද මේ සම්බන්ධයෙන් සී.එන්.බී.සී. පුවත් සේවයට අදහස් දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් පැවැසීය.

රොයිටර්

055

 



අදහස් (1)

චීනයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

අශෝක Sunday, 05 July 2020 02:41 PM

අමෙරිකානුවන් මුලු ලෝකයම සූරා කෑමට ලක් කලත් චීනුන්ට වඩා හොදයි.. චීනය භන්ගවේවා.. අමෙරිකාවට කර්මය පඩිසන් දෙත්වා..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2392 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site