IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ගසා තීරයේ සන්නද්ධ ඉලක්ක 30 කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

(ඒ.එෆ්.පී) 

ගාසා තීරයේ සන්නද්ධ ඉලක්ක 30 කට ආසන්න ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල අඟහරුවාදා (29) රාත්‍රියේ ප්‍රකාශ කළේය.
 
හමාස් සංවිධානය සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශව එල්ල කරන ලද රොකට් සහ මෝටර් ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය මෙලෙස ප්‍රහාර එල්ල කර තිබේ.
 
දෙපාර්ශවය අතර ඇති වූ මෙම ගැටුම 2014 වසරේ ඇති වූ යුද්ධයෙන් පසු ඇති වූ දරුණුම ගැටුම යැයි ද වාර්තා වේ. 
 
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දේශසීමාවල මාරාන්තික ගැටුම් ඇතිවීමෙන් පසු මෙලෙස ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සහ ඔවුන්ගේ පාර්ශව අතර ප්‍රහාර හුවමාරු විය.
 
ගාසා තීරයෙන් එල්ල වූ ප්‍රහාරවලින් ඊශ්‍රායල සොල්දාදුවන් තිදෙනකු තුවාල ලබා තිබෙන අතර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් සිදු වූ හානිය සම්බන්ධයෙන් වාර්තා නොවීය.
 
ප්‍රහාරවල වගකීම බාරගන්නා බව හමාස් සංවිධානය සහ ඉස්ලාමීය ජිහාද් සංවිධානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ අතර එම දෙපාර්ශවය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීම දුර්ලභ සිදුවීමකි. ඊශ්‍රායලය තම ඉලක්කවලට එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙලෙස මෙම ප්‍රහාර එල්ල කළ බව එම දෙපාර්ශවය පැවැසීය. 
        

(055)                     

 



අදහස් (0)

ගසා තීරයේ සන්නද්ධ ඉලක්ක 30 කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site