ගැබෝන් රාජ්‍යයෙන් හා ඝානාවෙන් පළමු වරට කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ යැයි එම රටවල් නිවේදනය කර තිබේ.
ඒ අනුව කොරෝනා ආසාදිතයන් පිළිබඳ තොරතුරු වාර්තා කළ උප සහරානු අප්‍රිකා කලාපයේ නවවැනි සහ දසවැනි රටවල් දෙක බවට එම රටවල් දෙක පත්විය.
යුරෝපයට හෝ චීනයට හෝ මෙන් මෙම කලාපයට කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන මෙම වයිරසයෙන් මේ වනතෙක් එතරම් බලපෑමක් එල්ල කර නැත.
අයිවරි කෝස්ට්, නයිජීරියාව, සෙනගාලය, කැමරූන්, ටොගෝ, දකුණු අප්‍රිකාව, බුර්කානා ෆාසෝ සහ කොන්ගෝ රජය යන රටවලින් ද මේ වනවිට කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත.
මාර්තු 8 වැනිදා ප්‍රංශයේ සිට පැමිණි 27 හැවිරිදි ගැබෝන් ජාතිකයකු කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ගැබෝන් රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
නෝර්වේ සහ තුර්කියේ සිට පැමිණි දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඝානාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
‘‘රට තුළ කිසිවකුටත් කොරෝනා ආසාදනය වී නැහැ. කොරෝනා ආසාදනය වී තිබෙන්නේ විදෙස් ගතව සිට පැමිණි දෙදෙනකුට. මේ වනවිට ඔවුන් හුදෙකලා කරා නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබෙනවා’’ යැයි එම අමාත්‍යාංශය සඳහන් කළේය.
රොයිටර්ස්
055
2025 නොවැම්බර් මස 04
746
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2401
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගැබෝන් රාජ්‍යයෙන්-ඝානාවෙන් පළමු කොරෝනා ආසාදිතයා හමුවේ