ස්පාඤ්ඤයේ සාම්ප්‍රදායිකව පවත්වන ගොන්පොර තහනම් කරන ලෙස ඉල්ලමින් මැඩ්‍රිඩ් නුවරට එක්වූ දහස් ගණන් ජනතාව විරෝධතාවයක් කළහ.
ගොන් පොර කුරිරු සම්ප්‍රදායක් බවත් එය තම ජාතිය නින්දාවට පත් කරන බවත් පවසමින් විරෝධතාකරුවෝ වීදි බැස සිටියහ. ඔවුන් පවසන්නේ විනෝදාස්වාදය සඳහා සතුන්ට වදහිංසා පැමිණවීම නැවැත්විය යුතු බවයි.
සෑම වර්ෂයකම ගොන්පොර උත්සව 2000ක් පමණ ස්පාඤ්ඤයේ පැවැත්වෙන අතර බොහෝ සංචාරකයින්ද මේවාට සහභාගී වේ.
පසුගිය ජූලි මාසයේ සිට ඉතාලි රජය විසින් උත්සව අවස්ථාවන්හිදී ගොනුන් මැරීම තහනම් කර ඇත.
2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගොන් පොර ගොන් වැඩක්ලු
අබරන් Sunday, 11 September 2016 10:59 AM
මම නම් කවදාවත් හිතුවේ නැහැ මේ වගේ රටවල මිනිස්සුන්ට මේවා තේරේවි කියලා. (ර)
චන්න බුවනක Sunday, 11 September 2016 01:30 PM
කතාවටත් කියනවා ගොනා වගේ කියල. බලාගෙන ගියාම ගොන් වැඩ කරන්නේ මොලේ ඇති උදවියනේ. (ර)
රොකී Sunday, 11 September 2016 05:03 PM
ඇත්ත. මේවායින් සතුන් විඳින පීඩාව අපමණයි (නි)
ඇසළ Monday, 12 September 2016 11:24 AM
ඕනේ ගොනෙකුට තේරෙනවා මේක උසස් අධ්‍යාපනේට අදාල කාරණයක්. (බ)
පුජ්‍ය ඉලුක්පිටියේ පඤ්ඤාශේඛර හිමි Thursday, 15 September 2016 08:07 AM
මෙය ඉබේ සිදුවුණ දෙයක් නොවේ. යුරෝපයේ අය බුදු දහම ඉගෙනගෙන එය ජිවිතයට එකතු කරගැනීමේ එක උදාහරණයක් (නි)
කුමාර Tuesday, 13 September 2016 05:58 AM
මිනිසා අභ්‍යවකාශය තරණය කළත්, මොනවා අලුතින් සොයාගත්තත් තවම මිනිස්සු වැඩි දෙනෙක් තමන්ව අධ්‍යයනය කරලා නැහැ. මේ වගේ තරඟ තවමත් ලෝකයේ පවතින්නේ ඒ නිසා. මේ වගේ තරඟ පවත්වන්නට හේතුව වෙන්න පුළුවන්, ඒ කාලයේ මිනිස්සු වනාන්තර මැද්දෙන් ගමන් කරනකොට හම්බවුණ කුළුහරක් එක්ක කළ සටන් සිහිගන්වන්න. නමුත් දැන් වාහන වලින් යන යුගය නිසා මේ තරඟ නවත්වන එකම තමා හොඳ (නි)
ගුණසිරි Sunday, 11 September 2016 07:30 AM
මේ කුරිරු වින්දනය නවත්වන්න තව ටික කලක්ධෙ ර්යසම්පන්නව අරගල කරන්න වේවි. (ර)
ආසිරි Sunday, 11 September 2016 09:31 AM
මේ වගේ වැඩ තහනම් කළ යුතුයි.(හේ)
සම්පත් Monday, 12 September 2016 04:06 AM
සත්‍ය ජය ගනී. (ම)
සේලානිකස් Sunday, 11 September 2016 10:26 AM
මම නම කියන්නේ ගොන් පොර හොඳ දෙයක්. මසට හරක් මරනකොට කකුල් ගැට ගහල හරකට කිසිම දෙයක් කරන්න බැරි විදිහට හිර කරලා තමයි මරන්නේ. එත් ගොන් පොර වලදී හරකා නිදහස්, ඌටත් සටන් කරන්න අවස්ථාව තියෙනවා. (ර)
ශෂික Monday, 12 September 2016 04:06 PM
ඕන ගොනෙකුට පුළුවන් ගොන්පොර සෙල්ලම් කරන්න...ගොන්නු ඉන්නවා නම්.(හේ)