ගිනි අවි මිලදී ගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 21 දක්වා වැඩි කරන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වෝල්මාර්ට්’ සමාගම (28) නිවේදනය කළේය.
තුවක්කු, උණ්ඩ යනාදිය මිලදී ගැනීමේ වයස් සීමාව වැඩි කිරීමට අමතරව වෝල්මාර්ට් සමාගම තවත් පියවර කිහිපයක්ම ගෙන තිබේ. රයිෆල්, මාරක නොවන අවි සම්බන්ධයෙන් වන ඇතැම් දැන්වීම් තම වෙබ් අඩවියෙන් ඉවත් කරගැනීමට ද එම සමාගම කටයුතු කර තිබේ.
ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ උසස් පාසලකදී සිදුවීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයේ ගිනිඅවි පාලනය කිරීම සම්බන්ධයෙන් නැවතත් දැඩි කතාබහක් ඇති වී තිබේ. එම සිදුවීමත් සමඟ සෑම පාසලකටම පොලිස් නිලධාරියකු යෙදවීම සහ ගිනිඅවි මිලදී ගැනීමේ අවම වයස් සීමාව 21 දක්වා වැඩි කිරීම යන පියවර ගැනීමට ෆ්ලෝරීඩා ප්‍රාන්ත බලධාරීහූ කටයුතු කළහ. වෝල්මාර්ට් සමාගමගිනි අවි මිලදී ගැනීමේ අවම වයස් සීමාව ඉහළ දමන බව නිවේදනය කළේ එම සිදුවීමෙන් සති දෙකක් ගත වෙන අවස්ථාවේදීය.
රොයිටර්
055
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගිනි අවි මිලදී ගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 21යි
Perakum Thursday, 01 March 2018 11:47 AM
නීතිය සාමය රැකීමට ඉතා දියුණු යාන්ත්‍රණයක් තියන ඇමෙරිකාව වැනි රටක නිදහසේ ගිනි අවි භාවිතයට ඇති අවශ්‍යතාවය කුමක්ද? වයස 21 ට වැඩි නෙවයි සහ මුලින්ම තහනම් කල යුතුයි.