IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගිනිදලු මැද කඳවුර හිස් කරයි

කැලැයිස් ප්‍රදේශයේ ජංගල් නමින් හඳුන්වන කඳවුරේ රැඳී සිටි දහස්ගනනක් සංක්‍රමණිකයන් සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව ප්‍රංශය පවසයි. කැලැයිස් නගරාධිපතිවරයා පවසන්නේ සඳුදා පටන්ගත් මෙහෙයුම සාර්ථකව අවසන් කළ බවයි.

කඳවුරෙන් ඉවත් කළ 4000ක පමන පිරිසක් ආරක්ෂිත රැඳවුම් ස්ථාන වෙත අඟහරුවාදා සවස් වනවිට රැගෙන යනු ලැබිණි. මෙහෙයුම සඳහා 1200ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් යොදාගෙන ඇත. සංක්‍රමණිකයන් 8000කට ආසන්න ප්‍රමාණයක් කඳවුරේ සිටි බවත් ඉන් විශාල පිරිසක් අතුරුදන් වී ඇති බවත් වාර්තා වී ඇත.

බදාදා රාත්‍රියේ කඳවුරේ ස්ථාන කිහිපයක ගිනිගැනීම් වාර්තා විය. ඒවා සිදුකලේ කවුරුන්ද යන්න ගැන නොදන්නා බව නගරාධිපතිවරයා පවසයි.

සංක්‍රමණිකයන්ගෙන් බොහෝ පිරිසක් සිරියානු යුද්ධයෙන් අවතැන්වූවන්ය. වරාය ආසන්නයේ පිහිටි මෙම කඳවුරේ ඔවුන් රැඳීසිට ඇත්තේ බ්‍රිතාන්‍යයට ඇතුලුවීමේ බලාපොරොත්තුවෙනි.  

_92100668_junglegetty _92096831_036067703-1 _92095651_mediaitem92093530



අදහස් (0)

ගිනිදලු මැද කඳවුර හිස් කරයි

ජයන්ත Thursday, 27 October 2016 06:37 PM

මේ කඳවුරේ නම ශබ්ද වෙන්නේ කැලය කියලානේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 650 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2325 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site