IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ගූගල් සමාගමේ නිලධාරිනියක් මරා දාලා

ගූගල් සමාගමේ කළමනාකාරිනියක වන වැනිසා මාර්කොට් (27) මැසචුසෙට් ප්‍රාන්තයේ දී දූෂණය කොට මරාදමා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

මැසචුසෙට් හි ප්‍රින්ස්ටන් හි ශාරීරික අභ්‍යාස කරමින් සිටියදී ඇය අතුරුදන්ව ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී තිබුණු අතර පොලිස් බල්ලන් යොදා කළ මෙහෙයුමකින් පසු ඇයගේ මවගේ නිවසට සැතපුම් භාගයක් පමණ දුර කැලයේ තිබී ඇගේ සිරුර හමුවූ බවත් එහි පොලිසිය කියයි.

ඇය දූෂණය කොට ඝාතනය කර සිරුර පුළුස්සා ඇතැයි කියති.

ඇමරිකාවේ නිව්යෝක් නුවර පදිංචිව සිටි ඇය ගූගල් සමාගමේ ගිණුම් කළමනාකාරිනියක ලෙස කටයුතු කළාය. ඇය මියගියේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිල දැනුම්දීමක් සිදුකර නැති බවද කියති.

web37041E2100000578-3729958-image-m-2_1470741843585 web3703260F00000578-3729958-image-a-69_1470681087409



අදහස් (0)

ගූගල් සමාගමේ නිලධාරිනියක් මරා දාලා

වර්ණකුලසුරිය Thursday, 11 August 2016 05:48 AM

ගොඩක් අදහස් වලින් පෙනෙන්නෙ අපේ රට දියුණු තාක්ෂණික මෙවලම් සහ ක්‍රමවේදයන් භාවිතා කළාට නිතරම මනුෂ්‍යත්වය යටපත්වී ම්ලේච්ඡ ජාතිවාදය හා ආගම්වාදය උඩට එන බවයි. (නි)

:       0       0

යසපාල Wednesday, 10 August 2016 07:54 PM

ඇය ගැන කණගාටුයි. (නි)

:       0       0

ජනහිත Wednesday, 10 August 2016 08:02 PM

ඇයි ඇමෙරිකාව ලංකාවට ඔච්චර හිතවත්කම් දක්වන්නේ? නිව්යෝර්ක්වල ඉඳලා විතරක් මදි. අනිත් ප්‍රාන්ත වලටත් ගිහින් බලන්න. සමස්තයක් වශයෙන් ට්‍රම්ප් බොහෝදුරට එඩිතර කෙනෙක්. (නි)

:       0       0

බෙනට් Wednesday, 10 August 2016 01:32 PM

පවු හරිම ලස්සන කෙල්ලෙක් . (අ)

:       0       0

සමන් Wednesday, 10 August 2016 09:08 AM

මේ වගේ පහත් වැඩ හෙළා දකිමු.(හේ)

:       0       0

අජිත් Wednesday, 10 August 2016 01:47 PM

පාලිත, දැන් නම් අපිටත් තේරෙනවා මේ නාමල් කියන්නේ මොනවද කියල. එය යහපාලනයට කඩේ යන කෙනෙක් වගේ. නාමල් මහත්තයෝ පළමුව රට ගැන හිතන්න පුරුදු වෙන්න. (අ)

:       0       0

ප්‍රනාන්දු Thursday, 11 August 2016 02:57 PM

දක්ෂ නිලධාරිනියක් ඇය.(හේ)

:       0       0

බුවනෙක Wednesday, 10 August 2016 05:48 AM

අපරාදේ! වටිනා තරුණ ජීවිතයක් (නි)

:       0       0

අබය Wednesday, 10 August 2016 05:54 AM

අපි කතාකළාට ට්‍රම්ප්වත් හිලරිවත් ජනාධිපති කරන්න අපිට ටිකක් වෙලායයි. (නි)

:       0       0

සඳුන් Wednesday, 10 August 2016 05:55 AM

ලංකාවටත් ට්‍රම්ප් වගේ කෙලින් කතාකරන, කියන දේ කරන නායකත්වයක් තිබුනානම් අද කළු සුද්දෝ මෙහෙ ලගින්න එන එකක් නැහැ ස්ථිරවම. (ම)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Tuesday, 09 August 2016 10:47 PM

කුමාර්, දන්නා දෙයක් කතාකරන්න. ඇමරිකානු බහුතරයකට ඔහුව පෙන්නන්න බැහැ (නි)

:       0       0

රාජු Thursday, 11 August 2016 12:01 AM

ඉංග්‍රීසි ඉගෙනගත්තට බුද්ධිය ලැබෙන්නේ නැහැ නාමල්. ඔයා නම් ඉංග්‍රීසි දන්නවා ඇති. (නි)

:       0       0

ධනුෂ්ක Wednesday, 10 August 2016 06:48 AM

ඇමෙරිකානුවෝ දන්නවා තමන්ගේ නායකයන් තෝරා පත්කර ගන්න. එ්කයි එයාලා ගොඩක් දියුණු කවුරු කොහොම කිවුවත්. අපි අපේ නායකයන් හරියට තෝරා පත්කරගත්තා නම් තමා හොඳ. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 09 August 2016 12:02 PM

මේවා නවත්ත්වන්න තමා ට්‍රම්ප් ව ඇමෙරිකාවේ ජනාධිපති කරන්න ඕනා. (බ)

:       0       0

උදය Friday, 12 August 2016 02:57 AM

නාමල් මහත්තයා ගොඩක් ඉංග්‍රීසි දන්නා බව පෙනෙනවා. අපිනම් කැමති ට්‍රම්ප්ට. මොකද දන්නවද අනික් එක්කෙනා අාවොත් මුලින්ම වරදින්නේ ලංකාවට නිසා. ළිඳේ ඉන්න ගෙම්බන්ට ළිඳ පෙනෙන්නේ ලොකු සාගරයක් වගේ. (නි)

:       0       0

අනුරුද්ධ Thursday, 11 August 2016 07:47 AM

කොහේ හිටියත් ලංකාවේ එවුන් එහෙම්මම තමයි! මේ වගේ නිව්ස් වලටත් ලොකුකම් ගාවගෙන හැම එක්කෙනාම කයිවාරු ගහනවා. අපි ලෝකේ එකතැන පල්වෙනවා (බ)

:       0       0

සෙනරත් Thursday, 11 August 2016 06:28 PM

අපේ රටෙන් ගිය ගොඩක් අයත් නිව්යෝර්ක් වල ඉන්නවා.

:       0       0

පාලිත Wednesday, 10 August 2016 05:13 AM

ඇමෙරිකාවේ බහුතරයකට ඔහුව පෙන්නන්න බැරි, ඔහු කෙළින් කතාකරන කෙනෙක් නිසා. ඔහු කියලා තිබුණා "රුසියන් ජනපති පුටින් කියන්නේ කෙළින් වැඩකරන කෙනෙක්" කියලා. එ්ක ඇමරිකාවට දරාගන්න බැහැ. මොකද රුසියාව කෑලි වලට කැඩුවේ ඇමෙරිකාව. එහෙම නැත්නම් අද ලෝක බලවතා රුසියාව. රුසියාව කියන්නේ ලංකාවට හිතවත් රටක්. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති වුණොත් ලංකාවට හොඳයි, හිලරිට වඩා. මම හිතන්නේ නාමල් දන්නේ නැහැ වගේ කුමාර් තරම්. (නි)

:       0       0

සේරම් Thursday, 11 August 2016 12:25 PM

ලංකාවේ කෙනෙක් ඇමරිකාවට ගියොත් එකත් ඉවරයි කියල දැන් පේනවා නාමල් මල්ලිගේ කතාවන් .ග්‍රීන් කාඩ් ඉවරද දන්නේ නෑ. (බ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 11 August 2016 09:50 AM

අප්‍රිකාවෙවත් සිද්ධ වෙන්නේ නැති අපරාධ ඇමරිකාවේ සිදුවෙනවා. ඇමරිකාවේ දුප්පතුන් අධිකයි. (ම)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 11 August 2016 09:50 AM

අප්‍රිකාවෙවත් සිද්ධ වෙන්නේ නැති අපරාධ ඇමරිකාවේ සිදුවෙනවා. ඇමරිකාවේ දුප්පතුන් අධිකයි. සීතල කාලයට ගෙවල් උණුසුම් කරගන්න වත්කමක් නැති බහුතරයක් කරන්නේ බැරල් බාග වල ගිනිමැල පත්තුකරගෙන වටේ සිටීම. (බ)

:       0       0

නාමල් - නිව් යෝර්ක් Wednesday, 10 August 2016 12:14 PM

ඔබ ලෝකය ගැන කියවන්නේ සිංහල පත්තර වලින් වෙන්න ඕනේ.. පොඩ්ඩක් ඉංග්‍රීසි බස ඉගෙන ගෙන ජාත්‍යන්තර මාධ්‍ය කියවන්න සෝවියට් කියන ඒකාධිපති අසාර්ථක රාජ්‍ය කඩාවැටීම නිසා යුරෝපයේ මිලියන ගණනකට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුනා කියලා දන්නැත්ද? ඔබ ඇමරිකාවට නෙමේ ඉන්දියාව ගැන වත් හරියට නොදන්නා කෙනෙක් වගේ. ඇමරිකාව ලංකාවට හිතවත් නිසා තමා තිබුණු ඒකාධිපති පාලනය අවසාන් කරන්න අපට උදව් කලේ. ට්‍රම්ප් ගේ කෙලින් කතාව දන්නා ඇමරිකාවේ ඉන්න අපිනේ. ඔබලාගේ ලෝක දැනුම ගැන ලැජ්ජයි (අ)

:       0       0

රමේෂ් Wednesday, 10 August 2016 12:29 PM

සඳුන්, ඇයි ලංකාවේ කෙලින් කතා කරන එකාව පන්න ගත්තා නේ ? දැන් සතුටුද ? කියලා තමයි අහන්නේ තියෙන්නේ :(අ)

:       0       0

පාලිත Thursday, 11 August 2016 05:36 AM

නාමල් මහත්තයෝ, අපි නම් අහල තියෙන්නේ පණ්ඩිතයෝ 100ක් එක්ක වාද කළත්, එක මෝඩයෙක් එක්ක වචන 10ක්වත් කතාකරන්න අමාරු බව. ලෝකේ කොහේ කොයි විදිහට හිටියත් අපි පළමුව හිතන්නේ අපේ රටේ යහපත ගැන. පේනවනේ ඔබතුමාට ලැබිලා තියෙන ප්‍රතිචාර. මීටවඩා දෙයක් කියන්න මම කැමති නැහැ. (නි)

:       0       0

සහන් Thursday, 11 August 2016 10:56 AM

ඔය අැමරිකා වල ඉන්න අය කොහොමද ලංකාව ඇන දන්නේ ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 608 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1714 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site