ඉන්දියා පුරවැසියන්ගේ ස්විස් බැංකු ගිණුම් සම්බන්ධ විස්තර හුවමාරුකර ගැනීමට ස්විට්සර්ලන්තය එකඟවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මෙය කළු සල්ලි ජාවාරමට එරෙහි ප්‍රබල පියවරක් ලෙස හැඳින්වේ.
නමුත් ඔවුන් මෙය 2018 සැප්තැම්බර් සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර ඊට පෙර කාලයේ තොරතුරු හුවමාරු කරගැනීමට ස්විට්සර්ලන්තය කැමැත්ත පළකර නැතැයි කියති.
ඉන්දියාව හා ස්විට්සර්ලන්තය අතර විනිමය හුවමාරු සම්බන්ධයෙන් ස්වයංක්‍රීය තොරතුරු හුවමාරු ක්‍රමයක් යටතේ මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
කළු සල්ලි ජාවාරම වැළැක්වීමේ අරමුණින් ඉන්දියාව පසුගියදා එරට භාවිත කළ රුපියල් 500 හා 1000 නෝට්ටු තහනම් කිරීමට ද පියවර ගත්තේය.
කළු සල්ලි ජාවාරම්කරුවන් බොහෝ පිරිසක් ස්විස් බැංකුවේ මුදල් තැන්පත් කරන බව කියති.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කළු සල්ලි ජවාරමට එරෙහිව ඉන්දියා - ස්විට්සර්ලන්ත එකඟතාවයක්
සත්‍යයා Friday, 25 November 2016 02:31 AM
ස්විස් බැංකු දැන් ඉස්සර වගේ රහස් රකින්නේ නැහැ. (නි)
දිසා බදුල්ල Wednesday, 23 November 2016 06:00 AM
ස්විස් බැංකු රහස් රකිනවා. ඒකනේ මිනිස්සු බය නැතුව ඒවගේ සල්ලි දාන්නේ. (ම)