IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කොළඹ සරසවි ආදි සිසුහු ඇමරිකාවේ දී එක්වෙති

කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයෙන් ප‍්‍රථම උපාධිය ලබාගෙන දැනට උතුරු ඇමරිකාවේ වාසය කරන උපාධිධාරීන් 200ට වඩා වැඩි සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ, විද්‍යා පීඨයේ ආදි ශිෂ්‍ය සංසදය පිහිටුවීම පසුගියදා සිදුවිය.

මහාචාර්ය එල්.එම්.වී. තිලකරත්න මහතාගේ නායකත්වය යටතේ ආදි සිසුන් 20 දෙනකුගෙන් සමන්විත වූ කමිටුවක් පිහිටවූ අතර පළමු වරට උතුරු ඇමරිකාවේ වෙසෙන කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ආදි සිසුහු විද්‍යා පීඨයට සහයෝගය දැක්වීම අරමුණු කොටගෙන සුහද හමුවට ද සහභාගී වූහ.

60 දශකයේ පටන් පුරා දශක කිහිපයක් කොළඹ විශ්වවිද්‍යාලයේ සම්ප‍්‍රදායක් වශයෙන් පැවැත් වූ ‘‘තමාෂා’’ සංස්කෘතික ප‍්‍රසංගය පසුගිය සෙනසුරාදා උතුරු ඇමරිකාවේ නිව්ජර්සි ප‍්‍රාන්තයේ එඩ්සන් හිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශී‍්‍ර ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත තානාපති ඒ.එස්. ඛාන් සහ ඔහුගේ බිරියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

නව සංසදයේ ප‍්‍රථම සභාපතිවරයා වශයෙන් තේරී පත් වූ මහාචාර්ය එල්.එම්.වී. තිලකරත්න මහතා පැවසූයේ සංසදයේ මූලික අරමුණ වනුයේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට මෙන්ම උතුරු ඇමරිකාවේ වෙසෙන ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ප‍්‍රයෝජනවත් සම්බන්ධතා සහ ව්‍යාපෘති කි‍්‍රයාවට නැංවීම බවයි.

පසුගිය කාලයේදී කොළඹ ආශි‍්‍රතව ඇති වූ ගංවතුර තත්වයෙන් අවතැන් වූ විද්‍යා පීඨ සිසුන්ට මුදලින් ආධාර කළ අතර ඔවුන්ට විද්‍යා පීඨයේ අධ්‍යාපනය අවසන් කරන තෙක් මාසික ශිෂ්‍යත්ව පිරිනැමීමට ද සංසදය කටයුතු යෙදීය. මේ සඳහා පිහිටුවන ලද සංසදයේ ‘‘හදිසි ආපදා අරමුදල’’ ඉදිරි  ඕනෑම හදිසි ආපදා අවස්ථාවක දී විද්‍යා පීඨයට සහයෝගය දැක්වීමට කටයුතු සලසා ඇත.

සංසදයේ තවත් ව්‍යාපෘතියක් වනුයේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ප‍්‍රථම උපාධිය අවසන් කර පශ්චාත් උපාධි හැදෑරීම සඳහා උතුරු ඇමරිකානු විශ්වවිද්‍යාලවලට පැමිණෙන නවක සිසුන් හට උපදේශන සේවයක් පැවැත්වීමයි. 

webamericaDSC_2563-1 webamericatamasha_B07I4361



අදහස් (0)

කොළඹ සරසවි ආදි සිසුහු ඇමරිකාවේ දී එක්වෙති

නිලන්ත Wednesday, 05 October 2016 01:59 AM

ඔබ සියළුදෙනා එක්රොක් වී ලංකාවට විශ්ව විද්‍යාලයක් සදාදෙන්න (නි)

:       0       0

ප්‍රීති Thursday, 06 October 2016 10:36 AM

නිලන්ත, මොනවා කතා කලත් කමක් නැහැ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන නම් කතා කරන්න එපා. ඔය වචනේ ඇහෙන කොටත් අර රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ අයට උන ගැනිලා ඇති. අපිට නම් මුකුත්ම නැතිවට කමක් නැහැ. ලංකාවේ දොස්තර මහත්තුරුන්ගේ ළමයි ටිකට යන්න උසස් පාසලක් හදලා දීලා, ඒ අයට පහසුවට යන්න හොඳ වර්ගයේ වාහන ටිකක් ලංකාවට එවන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 636 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2316 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site