කොළොම්බියා රජය සහ එරට ප්‍රධාන කැරලිකාර ෆාක් කණ්ඩායම අතර සාම ගිවිසුමක් අත්සන් තැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
අත්සන් තැබුණු නව සාම ගිවිසුම ජනමත විචාරණයකට යොමු නොකොට එරට කොංග්‍රස් මණ්ඩල අනුමැතියට යොමු කිරීමට නියමිතය.
පනස් වසරකට අධික කාලයක් පැවැති යුද්ධය නිමා කිරීමේ අරමුණින් මෙම සාම ගිවිසුමට එළැඹීමට කොළොම්බියා රජය තීරණය කළේය.
පසුගිය ඔක්තෝබර් 2 වැනිදා අත්සත් තැබුණු සාම ගිවිසුම ජනමත විචාරණයකට යොමු කළද එය ප්‍රතික්ෂේප කිරීමට එරට ජනතාව කටයුතු කොට තිබිණි. එම ගිවිසුම අත්සන් කර දින කිහිපයක් ඇතුළත කොළොම්බියා ජනපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබීය. ඒ අනුව උපදේශකයෝ ජනපතිට කියා සිටියේ සාම ක්‍රියාවලියෙන් ඉවත් නොවන ලෙසයි.
නව ගිවිසුමට අත්සන් තබමින් ජනපති කියා සිටියේ ‘මට වුවමනා විවෘත මනසකින් විවෘත හදවතකින් සාමයට අවස්ථාවක් දෙන ලෙස සැම දෙනාටම ආරාධනා කිරීමට‘ යනුවෙනි.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළොම්බියා රජය යළි සාමයට