IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කාශ්මීරයේ යළි ගැටුම්

කාශ්මීරයේ ප්‍රධාන බෙදුම්වාදී සටන්කාමී හමුදා නායකයකු ඝාතනය වීමත් සමග එම ප්‍රදේශයේ උණුසුම් තත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ගැටුම්වලින්    16 දෙනෙක් මිය ගොස් 200ක් පමණ ජීවිතක්ෂයට පත්වූහ.

සමාජ ජාල ක්‍රියා නිසාවෙන් ප්‍රසිද්ධියට පත් බුර්හාන් වානි(22) නම් ඔහු ඉන්දීයා හමුදා සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගොස් තිබේ. ඔහු කාශ්මීරයේ විශාලතම සටන්කාමී කණ්ඩායමේ අණදෙන නිලධාරියා ද විය. බුර්හාන්ගේ අවමංගල්‍ය කටයුතු සදහා දහස් ගණනක් පැමිණි අතර අවසන් කටයුතු අවසන් වීමත් සමග කාශ්මීරයේ ඉන්දීය හමුදා වලට සහ පොලිස් ස්ථාන වලට පහර දීම ආරම්භ විය.

ඒ සමගම එම ප්‍රදේශයේ ඇඳරි නිතිය පැනවු බවත්, සන්නිවේදන ජාල අවහිර කළ බවත් මාධ්‍ය වාර්තා කරයි. කැරලි මර්දන නිලධාරීහු දහස් ගණනක් එම ප්‍රදේශයට යොදවා ඇත.

මෙම සිදුවීම වසර ගණනාවකට පසු වාර්තා වූ ප්‍රබලතම ගැටුම්කාරී තත්ත්වයක් වන අතර මෙම තත්ත්වය පාලනය නොකළහොත් තවත් ජිවිත රැසක් අහිමි විය හැකි බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

 

 



අදහස් (0)

කාශ්මීරයේ යළි ගැටුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 597 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2294 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site