IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කාශ්මීරයේ නැවත ප්‍රචණ්ඩ ක්‍රියා

ශ්‍රීනගර්හිදීය (රොයිටර්)
 
ඉන්දීය ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයකින් කාශ්මීරයේ සිවිල් වැසියන් තිදෙනකු මියගොස් 70කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.  

සටන්කාමීන් බව කියන පිරිසකට එරෙහිව මෙහෙයුමක් දියත් කිරීමට යෑම නිසා ඇති වූ ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් එලෙස ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය සහ එහි ජනතාව පැවසූහ. 
 
මෙම ගැටුම්වලින් සටන්කාමීන් ඇතුළු තවත් 17 දෙනකු ද ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් නිලධාරියකු ප්‍රකාශ කළ අතර මෙම ගැටුම් දකුණු කාශ්මීරයේ මේ වසරේ ඇති වූ ප්‍රචණ්ඩකාරීම ගැටුම් යැයි ද පැවසේ. දකුණු කාශ්මීර ප්‍රදේශයේ ගම්මානයක මෙම ගැටුම් ඇතිවිය.
 
දකුණු කාශ්මීරයේ ෂෝපියන් දිස්ත්‍රික්කයේ කච්දූරා ගම්මානයේ සටන්කාමීන් සහ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් ඇති වී තිබෙන අතර එය නැවැත්වීම සඳහා ගම් වැසියන් සිය ගණනක් විදීවලට පැමිණ තිබේ. එම අවස්ථාවේදී ඔවුන් විසුරුවා හැරීම සඳහා ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. ආරක්ෂක අංශ ඉන් අනතුරුව වෙඩි තබා තිබේ. 
 
විරෝධතා අවසන් වූ පසු ආරක්ෂක අංශ මෙහෙයුම නැවැත්වූ බව ගම්වාසී කීහ. ගැටුම්වලින් සටන්කාමීන් පස් දෙනකු සහ සොල්දාදුවන් තිදෙනකු මියගිය බව පොලිසිය සඳහන් කළේය.  
 
මුස්ලිම් බෙදුම්වාදීහු 1980 වසරේ අග භාගයේ සිට ඉන්දියාවට අයත් කාශ්මීර ප්‍රදේශයේ ඉන්දීය පාලනයට එරෙහිව ප්‍රචණ්ඩකාරී ලෙස විරෝධතා පවත්වති. ඉරිදා, (1) මෙම කලාපයේ තවත් ගම්මාන දෙකක ද ගැටුම් ඇති වූ බව වාර්තා විය. 
 
නැවත ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ අවධානමක් ඇති බැවින් ආරක්ෂක පියවරක් ලෙස කාශ්මීරයේ පාසල් වසා දැමීමට බලධාරීන් කටයුතු කළ අතර ප්‍රදේශ කිහිපයක විවිධ සීමා කිරීම් පැනවීමට ද බලධාරීන් කටයුතු කර තිබිණි. 
 
දකුණු කාශ්මීරයට ගමන් කරන දුම්රිය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බව දුම්රිය බලධාරියකු කී අතර දිස්ත්‍රික්ක පහක අන්තර්ජාල සේවා අවහිර කටයුතු කිරීමට බලධාරීන් කටයුතු කර තිබිණි. 
 
055



අදහස් (0)

කාශ්මීරයේ නැවත ප්‍රචණ්ඩ ක්‍රියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 742 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site