හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ පරාජයට එෆ්.බි.අයි අධ්‍යක්ෂ ජේම්ස් කොමෙයි වගකිව යුතු බවට ඩිමොක්‍රටික් මැතිවරණ කමිටුව පවසයි.මැතිවරණයට දින 11ක් තිබියදී හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බව නිවේදනය කිරීමත් මැතිවරණ සමයේ එම පුවත මාධ්‍ය ඔස්සේ සාධාරණ නොවන අයුරින් ප්‍රචාරය කිරීමත් ඔහුට එල්ල වන චෝදනාවයි.
නමුත් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසනුයේ ක්ලින්ටන් හා ඇයගේ මැතිවරණ කමිටුව වරද භාරගත යුතු බවයි.ඇගේ ඊ-මේල් ගැටලුව පරාජයට හේතු වූ බව බොහෝ දෙනාගේ මතයයි. හිටපු ජනපතිගේ උපදෙස් ප්‍රතික්ෂේප කිරීමත් ඇයගේ පරාජයට හේතුවූ බව ඇගේ පාක්ෂිකයෝ පවසති.
" ක්ලින්ටන් විස්කොන්සින්,මිචිගන් හා පෙනිසිල්වේනියා යන ජනපද මැතිවරණ ව්‍යාපාරයෙන් අතහැර දැමුවේ කෙසේද“ යැයි ඔවුහු විමසති. මැතිවරණ සමයේ එක්වරක්වත් ඇය විස්කොන්සින් වෙත ගොස් නැති බව කියති.
අවසාන සතිය තුල ක්ලින්ටන්ගේ මැතිවරණ ව්‍යාපාරය කඩාවැටුනු බවත් එම සතිය තුළ ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය ඉතාමත් හොදින් සිදුවූ බවත් ඇගේ මැතිවරණ කමිටුවේ අධ්‍යක්ෂිකාවක් වන ජෙනිෆර් පල්මෛරි පවසයි.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ක්ලින්ටන්ගේ පරාජය ගැන එෆ්බීඅයි ප්‍රධානියාට චෝදනා
මිනිපෙ Saturday, 12 November 2016 05:04 PM
ක්ලින්ටන්ගේ පරාජයට ඔවුන් දැන් සෑම කෙනෙකුටම දොස් පවරනවා. ඇත්තටම සිදුවුණේ ජනමත විමසීම අසත්‍ය ලෙස ප්‍රකාශ කිරීමයි. ක්ලින්ටන් ඡන්දෙන් දිනුම්. ජාතිවාදී කතා නිසා, ට්‍රම්ප් දිනුම්. අපි නම් හිතන්නේ එහෙමයි (නි)
සනත් ගුණවර්ධන ස්විස් Sunday, 13 November 2016 10:24 AM
3 වන ලෝක යුද්ධයට තිබුන මඟ ඇහිරුණා, මේ හිලරිගේ පරාජයත් සමඟ. හිලරි බැරි වෙලාවත් බලයට අාවා නම් තමන්ට අවනත නොවන රටවල යුද්ධ ඇතිකර රටවල ආරාජික කරලා, රුසියාව සහ චීනය සමඟ එනවා (නි)