IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කර්ණාටක අපේක්ෂකයෝ 391ට අපරාධ චෝදනා

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 391 දෙනකුට අපරාධ චෝදනා එල්ල වී තිබේ. 
එම 391 දෙනාගෙන් 254 දෙනකුට සාපරාධීය අපරාධ චෝදනා ඇතැයි ද වාර්තා වේ.

 
මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 2,560 දෙනකු ඉන්දීය මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන ලද දිවුරුම් පෙත්සම් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉහත තොරතුරු අනාවරණය වී තිබේ. 
 
කර්ණාටක මැතිවරණ නිරීක්ෂණ ආයතනය සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා වූ සංවිධානය විසින් මෙම විශ්ලේෂණය කරනු ලැබ තිබේ. එහිදි චෝදනා එල්ල වූ පිරිසෙන් සිව්දෙනෙක් ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටිති. අපේක්ෂකයන් 23 දෙනකුට කාන්තාවන්ට එරෙහිව කරන ලද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. 
 
මැතිවරණයට ඉදිරිපත් වී සිටින සම්පූර්ණ අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 2,655ක් වන අතර එයින් 2,560 දෙනකුගේ දිවුරුම් පෙත්සම් විශ්ලේෂණය කළ බව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා වූ සංවිධානයේ ත්‍රිලෝචන් ශාස්ත්‍රී පැවැසීය. 
 
ඉතිරි පිරිසගේ දිවුරුමු පෙත්සම් තිබූ විවිධ අඩුපාඩු, අසම්පූර්ණ බව හා පැහැදිලි නොවීම යන කරුණු නිසාවෙන් විශ්ලේෂණය කිරීමට නොහැකි වූ බව ඔහු කීය. චෝදනා එල්ල වූවන් අතර ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයෝ ද වෙති. කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයට භාරතීය ජනතා පක්ෂයෙන් අපේක්ෂකයන් 224 දෙනකු ඉදිරිපත් වී සිටින අතර එයින් 83 දෙනකුට, කොංග්‍රසයෙන් ඉදිරිපත් වී සිටින 220 දෙනාගෙන් 59 දෙනකුට සහ ජනතා දාල් පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 199 දෙනාගෙන් 41 දෙනකුට අපරාධ චෝදනා එල්ල වී තිබේ.
 
සාපරාධීය අපරාධ චෝදනා එල්ල වූවන් අතර භාරතීය ජනතා පක්ෂයේ 58 දෙනෙක්, කොංග්‍රසයේ 32 ක් සහ ජනතා දාල් පක්ෂයේ 29 දෙනෙක් වෙති. 
 
තම තමන් මැතිවරණය සඳහා ඉදිරිපත් කර තිබෙන අපේක්ෂකයන්ට අපරාධ සහ සාපරාධීය අපරාධ චෝදනා එල්ල වී තිබියදී මෙම පක්ෂ දූෂණයට එරෙහිව සටන් කරන්නේ කෙසේදැයි දැනගැනීමට කැමැති යැයි ශාස්ත්‍රී විශ්ලේෂණයේ තොරතුරු අනාවරණය කිරීමෙන් පසු පැවැසීය. 
 
ද හින්දු

 
055



අදහස් (0)

කර්ණාටක අපේක්ෂකයෝ 391ට අපරාධ චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 746 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2401 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site