IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කැමරාවටත් වරදී : හෙවනැල්ලටත් දඩයක්

තමාට ලැබුණු දඩ කොළයක් සම්බන්ධයෙන් රුසියාවේ රියදුරකු පුදුමයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඔහුට තැපැල් මගින් දඩයක් නියමව ඇති බවට සඳහන් ටිකට් පතක් ලැබී ඇති අතර ඊට හේතුව වී ඇත්තේ ඔහු පැදවූ කාරයේ සෙවනැල්ල මාර්ගයේ තනි සුදු රේඛාව කැපීමයි.

තැපැල් මගින් රියදුරුට දඩ කොළයක් ලැබීම පිළිබඳ ඔහු නොසතුට පළ කරන අතර එහි ඡායාරූපයක් ද අන්තර්ගත කර ඇතැයි කියති.

මොස්කව් නගරයේ තමා රිය පදවමින් සිටියදී එසේ දඩ නියමව ඇතැයි ඔහු කියයි. ඔහු නිවැරදි මංතීරුවේ රිය ධාවනය කරන ආකාරය ඡායාරූපයේ දිස්වන අතර එම වාහනයේ සෙවනැල්ල සුදු ඉර කපන අයුරු එහි සටහන්වී ඇත.

මාර්ගයේ ඇති කැමරාවක එය සටහන්ව ඇති අතර මේ පිළිබඳ රියදුරා අන්තර්ජාලයට සටහනක් එක් කරමින් ‘ අඩු ගණනේ කාරයේ සෙවනැල්ල හෝ මාර්ග නීති කඩ කරන බව කියමින් අපට දඩ නියම කිරීමට කැමරාවලට වුවමනාවී ඇති බවයි‘ යනුවෙන් සටහනක් තබා ඇත.

රථවාහන පොලිසියට එරෙහිව ද ඔහු පැමිණිල්ලක් දමා ඇතැයි කියති.

බලධාරින් පවසා ඇත්තේ කැමරාවල තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙය සිදුව ඇති බවයි. ඔවුන් දඩය අවලංගු කරන බවටද පොරොන්දු වී ඇත.

web_trafficBEx7MQt



අදහස් (0)

කැමරාවටත් වරදී : හෙවනැල්ලටත් දඩයක්

සුනිල් Thursday, 08 September 2016 02:53 AM

දෙවියෝ සාක්කි! (නි)

:       0       0

සමන් Thursday, 08 September 2016 02:48 AM

මම ගම්පහ හරහා කඩුවෙල හයිවේ එකට දානකොට ඔය සිදුවිමටම මුහුණ දුන්නා. බියගමට ඇති හතරමං හන්දිය ළඟ බෝ ගහ ළඟ ඉඳලා ඉර කැපුවා කියලා මට රු.500 ක් ලිවුවා. සත්‍ය වශයෙන්ම එය නොකළ වරදක්. කොතරම් පැහැදිලි කළත් එම පොලිස් නිලදාරීන් දෙදෙනා කන් දුන්නේ නැහැ. එවැනි වෙලාවට අපි අසරණයි. සමහරවිට කීයක් හරි ජරාව ගන්න වෙන්න ඇති. නමුත් මම දඩය ගෙවලා කියන්න ඕනෑ දේ මුහුණටම කියලා ආවා. මෙවැනි පොලිස් නිලධාරීන් පොලිස් සේවයට එකතු කරන්නේ කළු පැල්ලමක්. (නි)

:       0       0

සාගර Wednesday, 07 September 2016 05:19 AM

අපේ පොලිසිය නම් මීට වෙනස්. මාව නතර කළා කන්දක් උඩ ඉස්සර කිරීමේ වරදට. පොලිස් නිලධාරියා ළඟ තිබුනා පොත් 2ක්. එක පොතක, කිසිම ලකුණක් නැහැ පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිකුත්කළ පොතක් බව හදුඳුනාගන්න. එම පොතේ ඔහු ලියනවා මම කළ වරද. ඊළඟ දිනයේ මට විදේශගතවීමට ඇති බව ඔවුන්ට පැවසු විට, වරදට ගාස්තුව ලෙස රුපියල් 1000ක් මගෙන් ඉල්ලා සිටියා, ඔවුන් දඩ මුදල මා වෙනුවෙන් ගෙවන බව පවසා. මගේ විදේශ ගමන කල්දැමීමට නොහැකි නිසා මම අදාළ මුදල ඔවුන් අතට දී ගමන ගියා. අදාළ මුදල් කාට ගෙව්වද දන්නේ ඔවුන් පමණයි (නි)

:       0       0

ගොඩ්ෆ්‍රී Wednesday, 07 September 2016 12:39 PM

රූප දෙස බැලීමේදී දියුණු තාක්ෂණයකින් නිවැරදිව ෆොටෝ ලබාගෙන ඇතිබව පෙනේ . වරද ඇත්තේ එය නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි වසුපැටුවූ තුලය හා සූර්යා(ඉර) නැගෙන හිරින් පටන් ගෙන බස්නාහිරින් සැගව යන බව නොදන්නන්ය . ඔබගේ වාහනය නවතා අඩි 2 ක් පමණ ඈතින් හතර වටින් ඉරක් ඇද, වාහනයේ සෙවණැල්ල දෙස බලා ඉන්න. එවිට යම් දෙයක් තේරුම් ගියොත් ඔබ උගතෙකි.නොගියොත් සූර්යා(ඉර) ගේ දොෂකි. (අ)

:       0       0

මයුර Wednesday, 07 September 2016 01:07 PM

ලංකාවේ ඩිජිටල් ඇමති තාම කැල්කියුලේටර් එකක් වත් හැදුවද ලංකාවේ ඔය ඇමති කම ළමයෙකුට දුන්නනම් හරි කියල හිතන්නද්ද (අ)

:       0       0

ජයාත් Wednesday, 07 September 2016 01:00 AM

ජනක ලංකාවේ තියෙන්නේ මේ ක්‍රමය නෙමෙයි, වංගුවක් ළඟ එහෙම හැංගිලා බලාගෙන ඉඳලා ඉර කැපුනත් නැතත් සමහරවෙලාවට පනිනවා. පැනලා හුඟක් වෙලාවට ගණනක් අතමිට මෙලෙව්වහම යන්න දෙනවා. මේවා මගේ පුද්ගලික අත්දැකීම්. නමුත් හුඟක් පුද්ගලික බස් වලට මේ නීතිය නැහැ (නි)

:       0       0

ජයන්ත Wednesday, 07 September 2016 01:26 AM

දැන් ඩිජිටල් ඇමතිලාගේ තාක්ෂණය හරි දියුණුනේ. ඉතින් අපිට මේවා ලංකාවේ කරන එක හරි සරලයි (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 06 September 2016 12:52 PM

ලංකාවෙත් බැරිද මේ ක්‍රමය ඇති කරන්න , මෙහෙත් තාක්ෂණය දැන් දියුනුනේ (අ)

:       0       0

බණ්ඩාර කුවෛට් Wednesday, 07 September 2016 03:40 AM

ජයාත් ගේ කීමට මමත් එකඟයි කොළඹ සිට ගලෙන්බිඳුනුවැවේ මගේ ගමට ගිය කීප විටකම ඔය කුරුණෑගල පැත්තේ පාරේ ඉර කැපුන කියා 1000 ගානේ දීල ගිය මේ අය පිළිගන්නේ නැහැ අපේ වචනය .මේරටවල් කොතරම් නීතිගරුකද තාක්ෂණය සමග රටවල් දියුනුවෙලා නීතිය කාටත් එක සමානයි (බ)

:       0       0

සුජීවා Tuesday, 06 September 2016 02:49 PM

ලංකාවෙ හයි කලොත් ෆොටෝ ගහලම කැමරාව දවසෙන් කැඩෙයි (අ)

:       0       0

නිරු Wednesday, 07 September 2016 03:59 AM

හෙවනැල්ලට දඩ ගැහිල්ල කෙසේ වෙතත් බදු ගෙහිල්ලක් නම් වෙන්න පුළුවන් මේ යන විදියට... (ම)

:       0       0

ජයාත් Thursday, 08 September 2016 01:31 AM

සාගර බණ්ඩාර, ඔයාලා කියන දේ හරි. මේ වගේ වෙලාවක එයාලගේ "අවම ගාස්තුව" රුපියල් දාහයි. මම සාමාන්‍යයෙන් ඉරි කපලා යන්නෙම නැහැ. නමුත් අවස්ථා 3-4 කදීම මට නිවැරැද්දේ ජරාව දෙන්න වුණා (නි)

:       0       0

ජනක Tuesday, 06 September 2016 03:59 PM

ලංකාවේ මේ ක්‍රමය ක්‍රියාත්මකයි, කොළඹ ආරක්‍ෂිත කැමරා ආවරණ ප්‍රදේශ වල රථ වාහන වැරැද්දක් කරලා බලන්න, දඩ කොලත් නෑ කෙලින්ම උසාවි.(අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 08 September 2016 07:33 AM

ලංකාවෙත් දඩ කොලය තැපෑලෙන් එන ක්‍රමය ඇති කළොත් අල්ලස් ගැනීම නැතිවේවි. රජයට දඩ මගින් වැඩි අදායමක් ලැබෙයි. මිනිස්සු වැරැද්ද පිළිගෙන දඩය ගෙවනවා නම් නඩු දාන්න අවශ්‍ය නැහැනේ. එතකොට අධිකරණයේ නඩුත් අඩු වේවි. ඩිජිටල් අැමතිතුමනි, මෙම ක්‍රමය ලංකවේ ක්‍රියාත්මක කළ නොහැකිද? අඩුම තරමේ කොළඹවත් ක්‍රියාත්මක කරලා බලන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 619 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1718 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site