IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කාබුල් නුවරට බෝම්බ ප්‍රහාර දෙකක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට අද (30) උදෑසන එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙකෙන් ප්‍රංශ පුවත් සේවයේ ප්‍රධාන ඡායාරූපශිල්පී ෂාහ් මරායි ඇතුළු 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ෂාහ් මරායි ප්‍රංශ පුවත් සේවයේ ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන ඡායාරූප මාධයවේදියා වන අතර ඔහුට අමතරව ප්‍රහාරයෙන් තවත් ජනමාධ්‍යවේදීන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ බව ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශය මෙන්ම ප්‍රංශ පුවත් සේවය ද ඒ බව තහවුරු කළේය. 

බෝම්බ ප්‍රහාරවලින් 27 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශක වහීද් මජ්රෝහ් උපුටා දක්වමින් එරට විශාලතම පෞද්ගලික රූපවාහිනි සේවය වන ‘ටෝලෝ’ පුවත් සේවය වාර්තා කළේය. ප්‍රහාරවලින් තුවාල ලැබූ ඇතැමුන්ගේ තත්ත්වය බරපතළ බවත් ඇතැම් විට මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩි විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කළේය. 

බෝම්බ දෙකම පුපුරා ගියේ එකම ස්ථානයකය. පළමු බෝම්බයෙන් මිනිත්තු කිහිපයකට පසු දෙවැනි ප්‍රහාරය එල්ල විය. දෙවැනි බෝම්බ ප්‍රහාරය පළමු ප්‍රහාරය වාර්තා කිරීමට එම ස්ථානයට පැමිණ සිටි වාර්තාකරුවන් ඉලක්ක කරගනිමින් එල්ල වූ බව පොලිස් ප්‍රකාශක හෂ්මත් ස්ටැනික්සායි පැවැසීය.

“දෙවැනි බෝම්බකරු ඔහු මාධ්‍යවේදියෙක් යැයි කීවා. ඒත් සමගම ඔහු බෝම්බය පුපුරුවා ගත්තා” යැයි හෂ්මත් කීය. බෝම්බ ප්‍රහාර දෙකම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර යැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග තහවුරු කළේය. 

මරායි ඇෆ්ගනිස්තානයේ ප්‍රංශ පුවත් සේවයට එක්වූයේ 1996 වසරේදීය. ඔහු ඊට සම්බන්ධ වූයේ රියදුරෙකු ලෙස වුවත් ඡායාරූප ගත්තේය. සිදුවීම් වාර්තා කළේය. ඔහු ආවරණය කළ සිදුවීම් අතර 2001 වසරේදී ඇෆ්ගනිස්තානය ඇමෙරිකාව ආක්‍රමණය කිරීම ද විය.

වසර 2002 දී පූර්ණ කාලීන ඡායාරූප ශිල්පියෙක් ප්‍රංශ පුවත් සේවයට එක්වෙමින් විවිධ තනතුරු හෙබවීය. විවිධ තනතුරු හොබවමින් පැවැති ඔහු ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා බවට පත්විය. 

ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු අයි.එස් සංවිධානය එහි වගකීම බාරගෙන තිබිණි. 

ඒ.එෆ්.පී

055



අදහස් (0)

කාබුල් නුවරට බෝම්බ ප්‍රහාර දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 746 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2402 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site