වැනිසියුලාවේ ප්‍රධාන සත්වෝද්‍යාන බොහොමයක සතුන් බඩගින්න නිසා මිය යතියි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ආහාර හිඟ වී මාස හයක පමණ සිට සතුන් මිය යන බව කියති.
සත්වෝද්‍යාන සේවකයන් පවසා ඇත්තේ සමහර සතුන් මිය යෑමට පෙර සති දෙකක පමණ කාලයක් නිරාහාරව සිට ඇති බවයි. සිංහයන් සහ කොටියන් වැනි මාංශ භක්ෂක සතුන්ට මස් වෙනුවට අඹ සහ වට්ටක්කා වැනි ද්‍රව්‍ය ලබාදෙන බවද හෙළි වී ඇත.
රට ආර්ථික අර්බුදය මෙම තත්ත්වයට හේතු වන්නට ඇතැයි විචාරකයෝ බවසති. එහෙත් ආහාර හිඟ වීම නිසා සතුන් මිය යන බව වැනිසියුලා රජයේ බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.
2025 නොවැම්බර් මස 04
604
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1713
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කන්න නැතුව සත්තු මැරෙති
රංග Friday, 29 July 2016 07:04 PM
සමාජවාදය තිබුන කාලයේ (හියුගෝ චර්වෙස්) මේ රට ඉතාමත් හොදින් තිබුනා. ඇමරිකාව තමයි ඒක විනාශ කලේ... පෙන්නේ නැද්ද සිරියාව සහ ලිබියාව... (ර)
යසිරු Monday, 01 August 2016 04:45 AM
මෙයාල හිතුවද දන්නේ නෑ මේක සූටෝපියා කියලා (බ)
මලි Friday, 29 July 2016 11:50 PM
ඔය සතුන් වෙනුවෙන් අරමුදලක් ආරම්භ කළා නම් උදව් කරන්ට කැමති අය හැම රටේම ඉන්නවා. (අ)
දිල්ෂාන් Monday, 01 August 2016 06:22 PM
චතුරි බොරු කියන්න එපා. අපිත් ඇමෙරිකාවේ තමා ඉන්නේ. මෙහෙ සත්තු කියලත් සතුටින් ඉන්නේ නෑ. හොදම දේ තමා සත්තුන් ක්‍රමානුකුලව වනාන්තර වලට මුදා හැරීම..(රේ)
චතුරි Sunday, 31 July 2016 03:11 PM
ප්‍රියන්ත ඔයාට මගේ අදහස තේරුම් ගන්න අමාරුනම් ඔයාට මහින්දගේ පද යාත්‍රාව තේරුම් ගන්න හරි අමාරු ඇති නේද. මම යම් රටක නමක් සදහන් කර ඒ රටේ අගය තේරුම්කරන්නේ මම ඇස් දෙකට දැකපු. නිසයි අපි හැම අවුරුද්දෙම යනවා සතුන් බැලීමට (අ)
ප්‍රියන්ත Thursday, 28 July 2016 09:43 PM
චතුරි, ඔබ මොන රටේ සත්තු වත්තටද ගියේ? (නි)
තුෂාරී Friday, 29 July 2016 12:39 PM
සිංහයා නම් හාමතේ හොඳටම හෙම්බත් වෙලා වාගෙයි. බඩගින්නේ හිටියත්,වට්ටක්කයි අඹයි කොහොම කන්නද පව්! අසරණ සත්තු.(අ)
කුමාර් (ගල්ෆ්) Thursday, 28 July 2016 10:39 AM
මෙන්න බංකොලොත් සමාජ වාදයේ ප්‍රතිපල. (ම)
චතුරි Thursday, 28 July 2016 11:35 AM
මේ අසරණ සතුන්ට කන්න දෙන්න බැරිනම් ඇමරිකාව වගේ රටකට බාර දෙන්න කරුණාකරලා මම ගිය සතියේ පුතා සමග ගියේ මෙරටේ එක සත්තු වත්තක් නැරබීමට සතුන්ට තිබෙන නිදහස ,සේවකයින් කතා කරන්නේ හුරතල් නම් වලින් අනේ ඔය සතුන්වත් බාරදෙන්න. කතා කරන්න බැරි තිරිසනා පලි නැහැ රටේ ප්‍රශ්න වලට. (ර)
අසේල Thursday, 28 July 2016 12:01 PM
අහිංසක සතතු. (ර)
අනුර Friday, 29 July 2016 04:27 AM
ලංකාවේ පාර්ලිමෙන්තුවට හරි ගෙනත් දාන්න....ඒකෙ ඉන්න සත්තුන්ට කන්ඩ වැඩිවෙලා....(අ)
සිසිර Friday, 29 July 2016 04:44 AM
මේ අහිංසක සත්තු කොටුකරලා ඉද්දි කොහොම කෑම හොයන්නද.? (ර)
ප්‍රසන්න Saturday, 30 July 2016 07:25 AM
හොඳම වැඩේ ගිවිසුමක් ගහලා වෙනත් රටකට බාරදෙන එක. ආර්ථිකය හරිගියාම අායෙමත් ගෙනෙමු. (නි)
ටිකිරි Thursday, 28 July 2016 06:22 AM
මොනතරම් අවාසනාවන්තද (නි)
පිටබැද්දර ජයා Thursday, 28 July 2016 06:38 AM
නිකන්ම මැරෙන්න දෙනවට වඩා නරකද සත්තු ටික ඔක්කොම එකට දැම්මා නම්? අඩුම තරමේ ඉතුරුවෙන එකා ජිවිතේ ගැටගහ ගනීවි (නි)
දයානි Thursday, 28 July 2016 01:36 PM
අනේ පව්. හරි දුකයි අසරණ සත්තු! (නි)