IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


'කතා කරන්න'

පසුගිය නොවැම්බරයේ ප‍්‍රංශයේ පැරිස් නුවරදී 130 දෙනෙකුට මරු කැදවමින් දියත් වුනු ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකපිට සිරගත කර සිටින සැකකරුවකුගේ සොහොයුරා , බලධාරීන් හා සහයෝගයෙන් කටයුතු කරන ලෙසද, ඔවුන් හා අදහස් හුවමාරු කරගන්නා ලෙසද, ඔහුගෙන් ඉල්ලා ඇත.

සලෙහ් අබේසලාම් නම් වන මෙම සැකකරුවා පැරිස් ප‍්‍රහාරයට හවුල්වීයැයි සැකකෙරෙන පුද්ගලයින් අතරින් දැනට ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා වීමද විශේෂයකි.අනෙක් සැකකරුවෝ සියල්ලෝම ප‍්‍රහාර අතරතුර මරු වැළදගත්හ.

දින කිහිපයකට පෙර සලෙහ් වෙනුවෙන් ඒ දක්වා පෙනී සිටි නීතිඥවරුද ඔහුට සේවය ලබාදීමෙන් ඉවත්වන බව නිවේදනය කළහ.සලෙහ් දැනට රදවා සිටින්නේ බෙල්ජියමේ පිහිටි සිරගෙදරකය.අත්අඩංගුවට ගත් දිනයේ පටන් ඔහු බලධාරීන් සමග කිසිදු අදහසක් හුවමාරු කරනොගත් බව දැනගන්නට ඇත.

ඔහු සම්බන්ධයෙන් අදහස් දක්වන ඔහුගේ සොහොයුරු මොහොමඞ් අබෙසලම් පවසන්නේ තම සොහොයුරා ක‍්‍රමයෙන් ඔහුගේම ලෝකයකට සීමා වනුත්, කතාබහ හැකිතාක් අඩු කිරීමට තැත් කරනුත් තමාට හදුනාගැනීමට හැකිවූ බවයි.

'මම හිතන හැටියට එහෙම වෙන්න හේතුව තමයි ඔහු සිරගත කර තිබෙන්නේ ඉතාම අහිතකර තත්ත්වයන් යටතේ වීම.ඔහු ක‍්‍රමයෙන් නිශ්ශබ්ද වීමේ පුදුමයක් නැහැ.සමහර වෙලාවට මට හිතෙනවා ඔහු හිටියාටත් වඩා විප්ලවකාරී වෙලාද කියලත්,' මොහොමඞ් කියයි.

තම සොහොයුරා කතා නොකර සිටියහොත් එය පැරිස් ප‍්‍රහාරයෙන් ජීවත අහිමිවූවන්ගේ පවුල් වල සාමාජිකයින්ට මෙන්ම රටේ සියලූම දෙනාට තවත් පසුතැවිල්ලක් වනු ඇති බවත්, ඒ නිසාවෙන්ම බලධාරීන් හා අදහස් හුවමාරු කරගන්නා ලෙස තමා ඔහුගෙන් උදක්ම ඉල්ලා සිටින බවත්, මොහොමඞ් පවසයි.

පැරිස් ප‍්‍රහාර සැළසුම් කළේ යැයිද, ප‍්‍රහාරකයින් හට ගමන් පහසුකම් සැළසීයැයිද, සලෙහ් වෙත චෝදනා නැගී ඇත.


 

 



අදහස් (0)

'කතා කරන්න'

නුවන් Wednesday, 19 October 2016 07:49 AM

මොනවා කතා කරන්න ද දැන්.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 646 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site