IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඕස්ට්‍රේලියාවට යන සංචාරකයින්ට බදු ගහයි

ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයින් මත 15%ක බද්දක් පැනවීමට එරට රජය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.මීට පෙර තීරණය කර තිබුණේ 32ක බද්දක් අය කිරීමටයි.

නමුත් සංචාරක ක්ෂේත්‍රයෙන් නැගුණු විරෝධය හමුවේ එම තීරණය ඉවත් කරගැනීමට සිදුවිය.

තාවකාලික වීසා මත පැමිණෙන පුද්ගලයන්ට ඩොලරයකට 32%ක බද්දක් නියම කළහොත් එරටට පැමිණෙන පිරිස් අධෛර්මත් වනු ඇතැයි ද මත පළවිණි.

ඕස්ට්‍රේලියාවට වසරකට ලක්ෂ හයක් පමණ සංචාරකයින් පැමිණෙන බව වාර්තා වෙයි.ඉන් බොහෝමයක් පළතුරු නෙළීමේ රැකියා සොයන බවට බලධාරීහු පවසති.මේ වන විට තාවකාලික වීසා මත පැමිණෙන සේවකයින්ගෙන් බදු අය නොකරන බවත් ඔවුන් වසරකට ඩොලර් 18 200ක්(රුපියල් ලක්ෂ 27ක්) පමණ උපයන බවත් ඔවුහු කියති.

 

 



අදහස් (0)

ඕස්ට්‍රේලියාවට යන සංචාරකයින්ට බදු ගහයි

සුසන්ත Monday, 28 November 2016 10:29 PM

ඔය තාවකාලික වීසා දෙන්නේ ඔක්කොම යුරෝපියන් සහ ඇමරිකන් අයට. මොකද අපේ ලංකාවේ හෝ ඉන්දියා වල මිනිසුන්ට දෙන්නේ නැහැනේ. ඉතින් මොකද ටැක්ස් ගැහුවට? (නි)

:       0       0

නයන් Tuesday, 29 November 2016 12:11 AM

15% ක බදු අයකරන්නේ “වර්කින් හොලිඩේ වීසා” මත ඕස්ට්‍රේලියාවට පැමිණ තාවකාලික රැකියා කරන අයගේ උපයන අාදායම මතයි. ප්‍රාථමිකව මෙම වීසා කාණ්ඩය ලබාදෙන්නේ සංචාරකයින් ලෙස පැමිණ කෙටිකාලින රැකියාවන් කර එම අාදායම් නැවත ඕස්ට්‍රේලියාවෙදීම වියදම් කරයි යන අරමුණ ඇතුව වුවත් වර්තමානයේ බොහෝ දෙනෙක් එම මුදල් නැවත මවුරටට රැගෙන යාම නිසා ඇතිවන ආර්ථික බලපෑම අවම කරගැනීමට හා එම විසා ලබාගැනීම අධෛර්යමත් කිරීමට මෙම නව බද්ද පනවා ඇත. (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 28 November 2016 08:55 AM

ඉතාලියේ පලතුරු සහ ඔලිව් කැඩීමට තාවකාලික වීසා වලින් එන අය මාස තුනට මේ ගාන හොයනවා. කෙනෙක්ට පුළුවන්නන්ම් පිරිසක් සමග පැමිණ කොන්ත්‍රාත් ක්‍රමයට සේවා සපයන්න, මෙය ගොඩක් ලාබදායකයි. (බ)

:       0       0

සංජීව Tuesday, 29 November 2016 01:50 AM

පිටිගල මිලානෝ කියන්නේ ඕනෑ එකටයි එපා එකටයි දෙකටම කට දාන කෙනෙක් (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 29 November 2016 02:12 AM

සුසන්ත, ඔයා හිතන විදිය වැරදියි. ඉතාලියේ, ඕස්ට්‍රේලියාවේ අය මෙහෙ (කැනඩාවේ, ඇමෙරිකාවේ) ඇවිල්ලා පාරවල් වල ජොබ් හොයන, මේ රටවල් වල මිනිස්සු එහෙ පලතුරු කඩන්න යනවා කියන එක හොඳ විහිළුවක් (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 29 November 2016 06:19 AM

හොඳ දෙයක්.(හේ)

:       0       0

සුමේධ Tuesday, 29 November 2016 06:20 AM

මේ දේ අසාධාරණයි.(හේ)

:       0       0

කරුණාජීව Friday, 02 December 2016 10:03 PM

ඕස්ට්‍රේලියාවේ මීට කලින් සංචාරක වීසා මත පැමිණෙන විදේශිකයන්ට වතුවල පලතුරු හෝ එළවලු නෙළීමේදී 34% බද්දක් අයකරන ලදී. එනිසා, සංචාරකයින් මෙවැනි රැකියාවන් වලට යාමට අදිමදි කරන ලදී. මෙරටෙහි පුරවැසියෝ හෝ ස්ථිර පුරවැසි වීසා හිමියන්, මෙවැනි රැකියා වලට කොහොමටත් එතරම් කැමත්තක් නැත. පලතුරු සහ එළවලු නෙළන කාලසීමාවේදී ගොවියන් සහ වතු හිමියන්, විශාල ශ්‍රම හිඟයකට මුහුණදෙන ලදී. එනිසා ගොවියන්ගේ සහ වතු හිමියන්ගේ බලකිරීම මත බදු මුදල 15% දක්වා අඩු කරන ලදී. අපිත් හම්බ කරන සෑම ඩොලර් එකකටම ශත 34 බදු ගෙවිය යුතුයි. ආදායම අවුරුද්දකට ඩොලර් 55,000 වැඩිනම්, තමන්ගේ ආදායම අනුව,බදු මුදල ක්‍රම ක්‍රමයෙන් තවත් ඉහළ යනු ඇත.

:       0       0

ජයතිලක Friday, 02 December 2016 10:08 PM

අශිකා, ඔලිව් කඩන්නේ අතින් නොවෙයි, යන්ත්‍රානුසාරව. යූ ටියුබ් එකට පිවිස වීඩියෝ බලන්න. (නි)

:       0       0

කරුණාජීව Friday, 02 December 2016 10:35 PM

සුසන්ත, තාවකාලික රැකියා වීසා හෝ සංචාරක වීසා බොහෝ දෙනෙකුට ලබාගන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ වීසා කාණ්ඩය අනුව රැකියාවක් කළහැකිදැයි/නොහැකිදැයි තීරණය වෙනවා. (නි)

:       0       0

නිරූ Wednesday, 30 November 2016 10:16 AM

මටනම් පෙනෙන්නේ අපේ මුදල් ඇමති ඕස්ට්‍රේලියාවෙන් අරන් වගේ...(බ)

:       0       0

අශිකා Monday, 28 November 2016 02:29 PM

පිටිකළ මිලානෝ ඔය ඔව්ව අනුන්ට කියන්නේ ඔයාම කරන්න ,අනුන්ගේ ශ්‍රමය ලාබෙට හුරගෙන කන උන්ට හරියනවද බලන්ත් එක්ක, මට පෙන්නේ ඔයත් ශේප් එකේ ඔලිවේ කඩනවද කොහෙද? (බ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 28 November 2016 04:30 PM

අශිකා, ඔලිව්, මිදි සහ අනෙකුත් පළතුරු කඩන රැකියාවල් දුපත් මානසිකත්වයෙන් සිටින ඔබට පහත් වුණාට කෙටි මාස ගණනක් වැඩකර විශාල මුදලක් උපයන්න පුළුවන් රැකියාවක්. නිවාඩු කාලය වැඩි නිසා ලංකාවටත් ලෝකයේ වෙනත් රටවල් බලන්න යන්නත් කාලය තිබෙනවා. එසේත් නැත්නම් වෙනත් තාවකාලික රැකියාවක් කරන්නත් පුළුවන්. ලංකාවේ බොහෝ දෙනා කුඩා පරිමාණයේ සමාගම් සාදාගෙන කොන්ත්‍රාත් ක්‍රමයට සේවාව සපයනවා. අවශ්‍ය කාලයට ඔවුන් නැගෙනහිර යුරෝපීය සහ උතුරු අප්‍රිකානුවන් සේවයට බඳවා ගන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site