මෙල්බන්හිදීය (රොයිටර්)
ඕස්ට්‍රේලියාවේ උතුරු දිග වෙරළ තීරයට ඉහළ අහසේදී රටවල් 16ක සහභාගීත්වයෙන් ගුවන් හමුදා යුද අභ්‍යාසයක් අද (28) ආරම්භ විය. මෙම ගුවන් හමුදා අභ්‍යාසය ආසියා ශාන්තිකර කලාපයේ පැවැති විශාලතම ගුවන් හමුදා යුද අභ්‍යාසවලින් එකක් යැයි ද පැවැසුණි.
ඕස්ට්‍රේලියාවේ උතුරු දිග නිවර්තන නගරයක් වන ඩාර්වින් නගරය මෙම ගුවන් හමුදා පුහුණු යුද අභ්‍යාසයේ සත්කාරකත්වය දැරූ අතර 4,000කට ආසන්න පිරිසක් ඊට සම්බන්ධ වූ අතර යානා 140ක් යොදා ගැනුණි. ඉදිරි සති තුනක කාලයේදීද පුහුණු අභ්‍යාස පැවැත්වීමට නියමිතය.
ආසියානු ශාන්තිකර කලාපයේ ආරක්ෂාව, කලාපීය ආරක්ෂාව හා කලාපයේ රටවල් අතර සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් මෙම පුහුණ ගුවන් හමුදා යුද අභ්‍යාසය පැවැත්වෙයි.
මෙම යුද අභ්‍යාසය ආරම්භ වූයේ ඕස්ටේ්‍රලියාව සහ සිංගප්පූරුව අතරය. එය මුලින්ම පවත්වන ලද්දේ 1990 වසරේදීය. අද වනවිට ඊට රටවල් 16ක් එක්ව සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ප්‍රංශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, නෙදර්ලන්තය, පිලිපීනය, සිංගප්පූරුව, ස්වීඩනය, තායිලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල ගුවන් හමුදා මෙම පුහුණු ගුවන් යුද අභ්‍යාසයට එක්වේ.

- 055
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ට්‍රේලියානු අහසේ යුද අභ්‍යාසයක්