විදේශවලින් ලැබෙන තැපැල් පත් සහ පාර්සල් විවෘත කිරීමේ දී මුඛ ආවරණ සහ අත් ආවරණ පැලැඳීම අනිවාර්ය යැයි චීන සෞඛ්‍ය අංශ එරට වැසියන්ට උපදෙස් දී ඇත. චීන සෞඛ්‍ය අංශ එරට වැසියන්ට මෙසේ උපදෙස් දී ඇත්තේ, ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය, විදේශවල සිට චීනයට ව්‍යාප්ත වූයේ, කැනඩාවෙන් ආ තැපැල්පතකින් යැයි චීන සෞඛ්‍ය අංශ සැක කරන බැවිනි.
ඊට අමතරව, විදේශ තැපැල්පත් සහ පාර්සල් සම්බන්ධයෙන් කටයුතු කරන සියලු තැපැල් සේවකයන්, නියමිත එන්නත් මාත්‍රා ලබා ගෙන පූර්ණ එන්නත්කරණයකට ලක්විය යුතු යැයි ද චීන සෞඛ්‍ය අංශ පවසා තිබේ.
චීනයේ මේ වනවිට ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරයි. ඊට හේතුව ‘ඔමික්‍රෝන්’ ව්‍යාප්තියයි. ‘ඔමික්‍රෝන්’ යනු දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් වයිරස විකෘතියයි. මේ වනවිට යුරෝපා රටවල ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය වැඩි වී ඇත්තේ ද ‘ඔමික්‍රෝන්’ නිසාය.
චීනයේ ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන්ගේ සුලමුල සොයා සෞඛ්‍ය අංශ විමර්ශන පවත්වද්දී, පළමු ‘ඔමික්‍රෝන්’ ආසාදිතයා ලෙස හඳුනාගත් බෙයිජීං අගනුවර පදිංචිකරුට, වයිරස විකෘතිය ආසාදනය වී ඇත්තේ කැනඩාවේ සිට, ඇමෙරිකාව සහ හොංකොං හරහා ලැබුණු ලිපියකින් බව තහවුරු වී තිබේ.
සියයට සියයක් තහවුර වී නැතත්, ‘ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදය චීනයේ ව්‍යාප්තිය ආරම්භ වූයේ එම ලියුම හරහා යැයි සෞඛ්‍ය අංශ විශ්වාස කරයි.
‘කොවිඩ් 19’ විකෘතියේ ආරම්භය සිදුවූයේ 2019 වසර අවසානයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. 2020 අප්‍රේල් මාසය වෙද්දී, ‘කොවිඩ් 19’ ලොව පුරා ව්‍යාප්තවීම සිදුවිය. ඉන්පසු ‘කොවිඩ් 19’ විකෘති ප්‍රභේද රැසක් බිහිවුණු අතර, එයින් වඩාත් බිහිසුණු විකෘතිය බවට පත් වූයේ ‘ඩෙල්ටා’ ය.
‘ඩෙල්ටා’ විකෘතියේ ආරම්භය සිදුවූයේ ඉන්දියාවෙනි. ‘ඔමික්‍රෝන්’ යනු ‘ඩෙල්ටා’ විකෘතියටත් වඩා වේගයෙන් ව්‍යාප්තවන තවත් විකෘති රැසක් මුසුවී නිර්මාණය වුණු ‘කොවිඩ් 19’ නවතම විකෘති ප්‍රභේදයයි. අද ලොව රටවල් බොහොමයක් ‘බූස්ටර්’ එන්නත් ලබා දෙන්නේත් සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබා දෙන්නේත් ‘ඔමික්‍රෝන්’ විකෘතිය නිසාය.
මේ වනවිට චීනයේ පළාත් රැසක ප්‍රධාන නගර කීපයක් මුළුමනින්ම ලොක්ඩවුන් කර ඇත්තේ ‘ඔමික්‍රෝන්’ ව්‍යාප්තියත් සමඟ ආසාදිතයන් ඉහළ ගොස් ඇති බැවිනි. ගතවුණු පැය 24 ඇතුළත, චීනයෙන් වාර්තා වුණු ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් ගණන 127 ක් බව චීන සෞඛ්‍ය අංශ ඊයේ (19) නිවේදනය කළේය.
චීනය ලබන පෙබරවාරියේ ශීත ඔලිම්පික් උළෙල පැවැත්වීමට සූදානමින් සිටී. ශීත ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ බෙයිජීං අගනුවර කේන්ද්‍රකොට ගනිමිනි. ‘කොවිඩ් 19’ ආසාදිතයන් වැඩිවීම ඔලිම්පික් උළෙලට බාධාවක් වෙමින් පවතී. චීන රජය පවසා ඇත්තේ සීත ඔලිම්පික් උළෙලට සහභාගී වීමට ඉඩ ලැබෙන්නේ ආරාධිතයන්ට පමණක් කියාය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔමික්‍රෝන් ආවේ තැපෑලෙන් - චීනය